Last Update  :  2025-10-27 19:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා - කාන්තාව ශ්‍රී ලංකාවෙන්
දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා - කාන්තාව ශ්‍රී ලංකාවෙන්

editorial - 2025 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ රංචි නුවරදී අද (26) නිමාවට පත්වූ සිව් වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 කාන්තා හා පිරිමි යන ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඊයේ (25) දෙවැනි දිනය නිමාවේදී ශ්‍රී ලංකාව තරගාවලියේදී රන් පදක්කම්  පදක්කම් නවයක් දිනා ගැනීමට සමත්වීමත් එහිදී කැපී පෙණුනි.

ඒ අනුව මීටර 100 (කාන්තා) ඉසව්ව තත්පර 11.53 කට නව වාර්තාවක් පිහිටුවමින් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා මොහොමඩ් යාමික් ෆාතිමා සාෆියා දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව බවට පත්වූවාය. ඇය තනි ඉසව්වකදී දිනා ගත් පළමු ජාත්‍යන්තර පදක්කමද එය විය.

වසර 2008 තෙවැනි (කොචී) තරගාවලියේදී තත්පර 11.72 කට එහි එතෙක් පැවැති වාර්තාව බිද දැමීමටත් ෆාතිමා සාෆියා සමත් වූවාය.

මේ අතර දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට එදිනම පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක චමෝද් යෝධසිංහ මීටර 100 (පිරිමි) ඉසව්ව ජය ගත්තේ තත්පර 10.30 ක දක්ෂතාවයක් දක්වමිණි.

මේ අතර පෙරේදා දිනය නිමා වන තෙක් ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් අතර මීටර 4 ×100 කාන්තා හා පිරිමි යන ඉසව් දෙකම නව වාර්තා පිහිටුවමින් ජය ගැනීමත් අද්විතීය විය. එහිදී තත්පර 44.70 කට නව වාර්තාවක් තබමින් ජය ගත් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ධනංජනා ප්‍රනාන්දු, අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක හා යාමික් ෆාතියා සාෆියා ඇතුළත් වූහ.

ප්‍රමුදිත සිල්වා, සදුන් දියළවත්ත, විදූෂ ඉදුසර හා චමෝද් යෝධසිංහගෙන් සමන්විත ශ්‍රී ලංකා මීටර 4 × 100 (පිරිමි) සහය දිවීමේ කණ්ඩායම තත්පර 39.99 කට එහි රන් පදක්කම දිනා ගත්තේ 1998 දී ශ්‍රී ලංකාව පිහිටුවා තිබූ එතෙක් පැවැති තත්පර 40.58 ක වාර්තාව බිද දමමිනි.

රංචි නුවරදී තරගාවලියේ පෙරේදා දෙවැනි දිනය නිමාවේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් හයක් හා ලෝකඩ පදක්කම් නවයක් ද හිමි කර ගනිමින් තරගාවලියේ දෙවැනි තැනට ඒ වන විට පත්ව තිබුණි. සත්කාරක ඉන්දියාව ඒ වන විට පදක්කම් සටහනේ පෙරමුණේ පසු වුයේ රන් පදක්කම් 12 ක් දිනා ගනිමිනි.

 

තරගාවලියේදී ශ්‍රී ලංකාව පෙරේදා (25) දිනය අවසන් වන තෙක් දිනා තිබූ සෙසු රන් පදක්කම් මෙසේය.

* තුන් පිම්ම (පිරිමි) : - පසිදු මල්ෂාන් (මීටර 16.19)

* තුන් පිම්ම (කාන්තා) : - නෙත්මී මධුෂානි හේරත් (මීටර 13.36)

* උස පැනීම (පිරිම්)  : එස්.ඒ. තරිදු දසුන්  (මීටර 2.17)

* මීටර 400 (පිරිමි) : - කාලිංග කුමාරගේ (තත්පර 46.21)

*හෙල්ල විසි කිරීම (පිරිමි) : -රුමේෂ් තරංග ( මීටර 84.29)

 

රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා මීටර 4 × 100 * * ශ්‍රී ලංකා ( කාන්තා) කණ්ඩායම

 

රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා මීටර 4 × 100 (පිරිමි) කණ්ඩායම


අදහස් (0)

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා - කාන්තාව ශ්‍රී ලංකාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.