නාමල් පතිරගේ
ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ යන මහත්වරු එම ධූර වලින් ඉල්ලා අස්වී තිබේ.
කමිටුවේ මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පැවැති විධායක සභාවේ නිල කාලය (2021 - 25) පසුගිය දෙසැම්බර් 27 වැනිදා අවසන් වීමට නියමිතව තිබියදී ඔවුන්ගේ එම ඉල්ලා අස්වීම වාර්තාවී තිබේ.
කෙසේවූවත් ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග ආසන්නතම නිලවරණය (2026 -30) ඉදිරි මාස තුනක් ඇතුළත කැඳවීමට මැදිහත් වන ලෙස ඉල්ලා ජාතික ක්‍රීඩා සංගම් කීපයක් මේ වන විට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට ලිපියක් යොමු කර ඇතැයිද වාර්තාවේ.
ඇමැතිවරයා මේ වන විට විදේශගතව සිටින අතර ඔහු දිවයිනට පැමිණීමෙන් පසුව කමිටුවට සම්බන්ධ සියලු පාර්ශව ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර ඇතැයිද වාර්තාවේ.
මේ අතර පසුගිය දෙසැම්බර් 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් විධායක සභාව නිත්‍යානුකූලව ශුන්‍යවී තිබෙන තත්වයක් තුළ එහි මීළග විධායක සභාව පත් කර ගැනීමේ නිදහස් වටපිටාව සකසන ලෙස සාමාජික ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක් මේ වන විටත් කමිටුවේ සභාපති ධූරයේ රැදී සිටින සුරේෂ් සුබ්‍රමනියම් මහතාගෙන් ඉල්ලා සිටියි.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරය දරමින් සිටි මැක්ෂ්වෙල් ද සිල්වා මහතා එම ධූරයෙන් තාවකාළිකව නෙරපීමෙන් පසුව ඔහුට එරෙහිව වසර පහක තහනමක් පැනවීමට එහි ආචාර ධර්ම කමිටුව කළ නිර්දේශය සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඇතුළු විධායක සභාව විසින් බලාත්මක කිරීමට පියවර ගත්තේය.
මේ වන විට මහ ලේකම් ධූරයේ කටයුතු කරන්නේ රිෆ්ඩි ෆාමි මහතාය. උප සභාපතිවරුන් ලෙස ශිරන්ත පීරිස්, ජෝශප් කෙනී, නිලූ ජයතිලක, දේවා හෙන්රි යන මහත්ම මහත්මීන්ද, භාණ්ඩාගාරික ධූරයේ ප්‍රීති පෙරේරා මහතාද, උප භාණ්ඩාගාරික ධූරයේ මිනෝලි විජේසිංහ මහත්මියද,විධායක සභික ධූරයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාත්, ක්‍රීඩයන්ගේ කමිටුවේ සභාපති ලෙස නිලූක කරුණාරත්න මහතාත් කටයුතු කරමින් සිටිති.
එහි උප කමිටු 15 ක්ද ක්‍රියාකාරීත්වයේ පවතී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.