Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 කට උසස්වීම්

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 කට උසස්වීම්

editorial - 2025 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ රංචි නුවරදී පැවැති සිවුවැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දක්වමින් ජයග්‍රහණ හිමිකරගත් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම ඉකුත්දා (11 වැනිදා) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
 
එහිදී තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි කරගත් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ගුවන් හමුදාපතිතුමන් විසින් නව උසස්වීම් සහ මුදල් ත්‍යාග පිරිනමන ලදි. ක්‍රීඩා කුසලතාවන් මගින් ගුවන් හමුදාවේ අභිමානය පමණක් නොව ශ්‍රී ලංකාවට එක්කර දුන් ගෞරවය වෙනුවෙන් සිය සුභාසිංශණ එක් කිරීමටද ගුවන් හමුදාපතිවරයා කටයුතු කළේය. 
 
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනා අතරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වූහ. ඔවුහු එහිදී රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 3 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් පදක්කම් 6 ක් ශ්‍රී ලංකාවට දිනාදීමට සමත් වූහ. 
 
එසේම පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 6 දෙනා සඳහා කෝප්‍රල් නිලයට උසස්වීම් ප්‍රධානය කිරීම සහ මුදල් ත්‍යාග පිරිනැමීමද තරගාවලියට සහාභාගී වු සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමද ගුවන් හමුදාපතිවරයා අතින් සිදුකෙරිණ. එම ජයග්‍රහණ ලබා ගැනීමට සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුහුණුකරුවන් හය දෙනාටද ගුවන් හමුදාපතිවරයා විශේෂ ඇගයීමක් සිදු කරමින් මුදල් ත්‍යාග පිරිනැමුවේය. 
 
රන් පදක්කම් ලාභීන්
ආධුනික ගුවන් භට තරංග පී.ආර් - හෙල්ල විසි කිරීම (නව තරග වාර්තාවකි)
නායක ගුවන් කාන්තා කෞෂල්‍යා කේ.එච්.ඒ.ඩි - මීටර් 400 කඩුලු පැනීම (නව තරග වාර්තාවකි)
 
රිදී පදක්කම් ලාභීන්
නායක ගුවන් භට කුමාර - යූ.ඩී.වයි.ඩබ්. - දුර පැනීම 
ගුවන් කාන්තා සත්සරණි එල්.ජී.ඒ. - මීටර් 400 කඩුලු පැනීම 
ආධුනික ගුවන් භට ප්‍රනාන්දු එම්.ඒ.එන්.එච්. - මීටර් 4×400 සහය දිවීම 
 
ලෝකඩ පදක්කම් ලාභීන්
නායක ගුවන් කාන්තා ලක්මාලි ඒ.ජි.වී.වී. - කවපෙත්ත විසිකිරීම 
 
පුහුණු කරුවන් 
ඩී. චාමලී අතුකෝරල දහනායක මහත්මිය 
එම්.ඒ.ටී. ප්‍රසන්න මහතා 
ජේ.එම්.ඩී.එන්. හර්ජිනාස් මහතා 
ආර්.එම්.ඒ.පී. රත්නායක මහතා 
කේ.වී.ආර්.සී. ගුණරත්න මහතා 
කේ.ඒ රවී මහතා 
 
-036 

අදහස් (0)

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 කට උසස්වීම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.