Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ක්‍රීඩා 11කදී සහභාගිත්වය පමණයි

ක්‍රීඩා 11කදී සහභාගිත්වය පමණයි

editorial - 2025 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

බහරේන් රාජ්‍යයේදී පෙරේදා (30) නිමාවට පත්වූ තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් පහක් දිනා ගත් ශ්‍රී ලංකාව එහි පදක්කම් සටහනේ 26 වැනි ස්ථානයට පත් විය.ශ්‍රී ලංකාව එහිදී මලල ක්‍රීඩාවෙන් එම පදක්කම් බහූතරයක් දිනා ගැනීම හැරෙන්නට ගොල්ෆ් ක්‍රීඩාවෙන් පමණක් එක් ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව්13 කින් ක්‍රීඩකයන් 56 දෙනකු හා ක්‍රීඩිකාවන් 44 දෙනකු (එකතුව 100) සහභාගි කළ අතර එය දකුණු ආසියාවේ රටකින් ක්‍රීඩා උළෙලට ඉදිරිපත් කළ දෙවැනි විශාලතම කණ්ඩායමයි.ඊට පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 50 දෙනකුගේ කණ්ඩායමක්ද අනුයුක්ත කර තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ක්‍රීඩා උළෙලේදී සහභාගි වූ ක්‍රීඩා ඉසව්11කින් කිසිදු පදක්කමක් දිනා ගත නොහැකි විය.ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළේ බහරේන් තරග සංචාරයට රුපියල් කෝටි 10 ක් පමණ වන පිරිවැයක් දැරූ බවයි.

එහෙත් මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පළමු වතාවට රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුනි.එම කීර්තිය ශ්‍රී ලංකාවට අත් කර දුන්නේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ සිසුවකු වන මලල ක්‍රීඩක 16 හැවිරිදි  ළහිරු අචින්තයි.

මීටර 1500 (බාලක) ඉසව්වෙන් ඔහු විනාඩි 3 තත්පර 57.42 කට එම වාර්තාගත රන් පදක්කම හිමි කර ගැනීමට සමත් විය. එය මෙවර ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩාවෙන් දකුණු ආසියානු රටක් දිනා ගත් එකම රන් පදක්කමත් වේ.අතර ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලේ හිමි කර ගත් එකම රිදී පදක්කමත් මලල ක්‍රීඩාවෙන් ලබා ගත් අතර ඒ මිශ්‍ර (මෙඩ්ලි) සහාය දිවීමේ (බාලක) ඉසව්වෙනි.

මලල ක්‍රීඩාව හැරුණු කොට ශ්‍රී ලංකාව එහිදී ගොල්ෆ් ක්‍රීඩාවෙන් හිමි කර ගත් ලෝකඩ පදක්කම කායා දළුවත්ත ක්‍රීඩිකාව සතු විය.දකුණු ආසියානු කලාපයේ විශාලතම කණ්ඩායම වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 217 ක කණ්ඩායමක් සහභාගි කරමින් පදක්කම් සටහනේ හය වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේ රන් පදක්කම් 13 ක් රිදී පදක්කම් 18 ක් හා ලෝකඩ පදක්කම් 17 ක් (එකතුව 48) දිනා ගනිමිණි.

බංග්ලාදේශය කබඩි ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් දෙකක් ලබා පදක්කම් සටහනේ 34 වැනි ස්ථානය ලැබීය.ඒ ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 කගේ කණ්ඩායමක් සහභාගි කරමින්ය.මාලදිවයින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56 දෙනෙකුගේ කණ්ඩායමක්ද, භූතානය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකුගේ කණ්ඩායමක්ද, හා නේපාලය ක්‍රීඩික ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් කණ්ඩායමක්ද සහභාගි කළත් එම රටවල් පදක්කම් දිනා ගැනීමට අපොහොසත් විය.

මෙවර ක්‍රීඩා උළෙල ජය ගනිමින් පදක්කම් සටහනේ අංක එකට මහජන චීනය රන් පදක්කම් 63 ක් රිදී පදක්කම් 49 ක් හා ලෝකඩ පදක්කම් 35 ක් (එකතුව 147) දිනා ගත්තේ ක්‍රීඩක ක්‍රීඩීකාවන් 288 දෙනෙකුගේ කණ්ඩායමක් ඒ සදහා සහභාගි කරමිනි.ක්‍රීඩා ඉසව් 19 කින් ඔවුන් කුමන හෝ පදක්කමක් දිනා ගැනීමට එහිදී සමත්ව තිබුණි.මලල ක්‍රීඩාවෙන් ඔවුන් වැඩිම රන් පදක්කම් ගණන (20) දිනිය.


අදහස් (0)

ක්‍රීඩා 11කදී සහභාගිත්වය පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.