Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජපානයේ ඔසාකා නුවරදී ඊයේ (12) පැවැති කිමානි මිචිටාකා අනුස්මරණ(ග්‍රෝන් - ප්‍රී) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක කාලිංග කුමාරගේ මිටර් 400 (පිරිමි) ඉසව්ව තත්පර 45.92 කට නිමා කරමින් එහි ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.
එසේ වූවත් එය මෙම තරගාවලියට සහභාගි වීමේ ඔහුගේ මුල් අරමුණ ඉටු නොවූ අවස්ථාවක් බවට පත් විය. මෙම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් (2024) නිර්දේශ ලබා ගැනීමේ අරමුණෙන් ඔහු මෙම තරගාවලියට සහභාගිවුවත් ඒ සදහා අවම තත්පර 45.00 ක දක්ෂතාවක් ඔහු පළ කළ යුතු විය.
කෙසේ වුවත් ඒ සදහා ඔහුට තවත් ආසන්නතම අවස්ථාවක් ලබන ඉරිදා (19) ජපානයේදීම උදාවී තිබේ. ඒ ටෝකියෝ නුවරදී එදින පැවැත්වෙන මීළග ජපාන ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියයි. ඒ අනුව ඔසාකා තරගාවලියෙන් පසුව ඔහු කෙළින්ම එහි සිට ටෝකියෝ නුවර බලා යනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.
ඊයේ ඔසාකා නුවරදී කාලිංග ඉසව්වෙන් තත්පර 45.92 කාලයක් වාර්තා කර සිට්න අතර ඔහුගේ මෙම ඉසව්වේ මෙතෙක් හොඳම දක්ෂතාව තත්පර 45.07 අගයක් ගනියි. බහාමාස් හිදී පසුගිය මැයි 4 - 5 පැවැති ලෝක සහාය දිවීමේ ශූරතා තරගාවලියට නම් කර සිටි මිටර් 4x400 (පිරිමි) ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශවී සිටි කාලිංග අවසන් මොහොතේදී අසනීපව සිටින බව දැනුම්දීම නිසා එම සංචාරය අත් හැර දැමීමට මලල ක්‍රීඩා ආයතනය කටයුතු කළේය.
ඔසාකා තරගාවලියේදී තත්පර 46.09 ක දක්ෂතාවක් දැක්වූ ජපන් ජාතික ඉටෝ රිකුයා කාලිංග හා ආසන්නයටම පැමිණෙමින් ඉසව්වේ දෙවැනි තැන ලැබීය.
මේ අතර මෙම තරගාවලියේදී වඩාත් බලාපොරොත්තු පෙරදැරිව සිටියත් ශ්‍රී ලංකා මීටර් 800 ක්‍රීඩිකා ආසියානු රන් පදක්කම්ලාභීණි තරුෂි දිල්සරා කරුණාරත්න අවසන් මොහොතේ තරග නොවැදී සිටීම දැඩි අවධානයට යොමු වුවාය. මීට පෙර ආසන්නතම අවස්ථාව වූ ඩුබායි නුවරදී ඉකුත් මැයි 3 වැනිදා පැවැති ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ඇය එහිදී මිටර් 800 (කාන්තා) ඉසව්වට සහභාගි වෙමින් සිටින අතර ධාවනයෙන් අතරමග ඉවත් වූවාය.
ඔසාකා නුවරදී ඇය තරග වැදීමෙන් ඉවත්වීම ගැන ප්‍රකාශ වී ඇත්තේ බඩේ රුදාවක් හේතුවෙන් ඇය තරග නොවැදී සිටිමට තිරණය කළ බවයි. එසේ වූවත් ඇය ඒ වන විට පාදයක ආබාධයකින් පසූවූ බවත් ඔසාකා නුවරදී ඇය පුහුණුවීම් වල නිරත වෙමින් සිටින අතර එම තත්ත්වය පෙන්නුම් කර තිබෙන බවත් එහිදී වාර්තාවේ.
මෙම තත්ත්වයන් තුළ මීළගට ඇයට යෙදී තිබෙන මැයි 20 - 21 බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ තරගාවලියට මෙන්ම ජූනි 1 - 2 දී තායිවානයේදී පැවැත්වෙන තායිවාන මලල ක්‍රීඩා තරගාවලියටද ඇගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්වයකට ඊයේ වන විට පත්ව තිබූ බවද වාර්තාවේ. කෙසේවුවත් ඇගේ ඉල්ලීමක් පරිදි ඊයේ තරගාවලියට දින කීපයකටම පෙරම ඔසාකා නුවරට ළගාවීමේ අවස්ථාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ඇයට උදා කරදී තිබුණි. එහිදි ඇගේ පෞද්ගලික පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා හැරෙන්නට පෞද්ගලිකවම ඇය ෙභෟත චිකිත්සකවරයකුද රැගෙන ගිය බව වැඩිදුරටත් වාර්තාවේ.
පාසල් සිසුවියක්ව සිටියදීම බැංකොක් නුවරදී පැවැති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී (2023) ජුලි 16 වැනිදා පැවැති මිටර් 800 (කාන්තා) ඉසව්වෙන් විනාඩි 2 තත්පර 00.66 කට නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත් ඇය අනතුරුව හංජෝ නුවරදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලදීත් එහි රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 2.තත්පර 05.48 කටය.
ඔසාකා තරගාවලියට ඊයේ සහභාගි වූ සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වූ නදීෂා රාමනායක මිටර් 400 (කාන්තා) ඉසව්වෙන් පළ කළේ සිව් වැනි ස්ථානයට පත් වෙමින් තත්පර 54.02 දක්ෂතාවයකි. මෙම ඉසව්වේ ආසියානු ශූරිය වන (තත්පර 53.03) ඇයට පැරිස් ඔලිම්පික් සුදුසුකම් සපිරීමට අවම තත්පර 50.95 දක්ෂතාවක් පළ කළ යුතුව ඇත. තරුෂි කරුණාරත්නට එම අවස්ථාව සළකා ගැනීමට නම් අවම සිය ඉසව්වෙන් විනාඩි 1 තත්පර 59.30 ක දක්ෂතාවයක් පළ කළ යුතුව ඇත
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.