Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සුපර් ලීග් පිරිමි තරග 6 දා ඇරඹෙයි

සුපර් ලීග් පිරිමි තරග 6 දා ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි මූලික වටයේ තරග මේ මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රාහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ තරග සඳහා පිරිමි කණ්ඩායම් 8 ක් සුදුසුකම් ලබා සිටියි. විදුලිබල මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව, ගුවන් හමුදාව, යුද හමුදාව, පොලිසිය, වරාය අධිකාරිය, නාවික හමුදාව සහ මාස් ලෙෂර් ලයින් එම කණ්ඩායම් 8 යි.

එහිදී විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය, නාවික හමුදාව සහ පොලිසිය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර යුද හමුදාව, ගුවන් හමුදාව, මාස් ලෙෂර් ලයින් සහ ජාතික තරුණ සේවා සභාව ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් සමගින් තරග වැදීමට සිදුවන අතර අවසානයේ කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. මූලික වටයේදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 12 කි.

අවසන් පූර්ව වටයේ තරග 9 වැනිදා පෙරවරුවේදී පැවැත්වෙන අතර එම තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් දෙක අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගයද එදිනම පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

අවසන් පූර්ව වටයේ තරගවලදී ජය ලබන කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සියලුම තරග මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

තරග කාල සටහන


අදහස් (0)

සුපර් ලීග් පිරිමි තරග 6 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.