Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් සංචිත 4 ක් අත්හිටුවයි

වොලිබෝල් සංචිත 4 ක් අත්හිටුවයි

නාමල් පතිරගේ - 2020 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රට තුළ උද්ගතව තිබෙන ‘කොරෝනා’ වයිරසය පැතිරීමේ තත්ත්වය හමුවේ ජාතික වොලිබෝල් පුහුණු සංචිත හතරක ක්‍රියාකාරකම් අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ. කොළඹ හා හෙයියන්තුඩුවේදී එහි නේවාසික පුහුණුවීම් ආරම්භ කර තිබුණි.

මෙම වසරට නියමිත ආසියානු තරගාවලි හා ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලි කීපයක් ඉලක්ක වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරාගැනීමේ අරමුණ ඇතිව එම පුහුණු සංචිත කැඳවා තිබුණි.

ජ්‍යෙෂ්ඨ කන්තා හා පිරිමි, වයස 20න් පහල (පිරිමි) වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිත මේ වන විට අත්හිටුවා ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසීය.

ජුනි 21 සිට 28 දක්වා ඉරානයේ ‘එස්ෆහාන්’ නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු (පිරිමි) වයස 20 න් පහළ ශූරතා තරගාවලිය ජුනි 22 සිට 29 වැනිදා දක්වා කසකස්තානයේ ‘මොල්ෆොන්-ආවා’ නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙන දෙවැනි ආසියානු සම්මේලන කුසලාන (පිරිමි) වොලිබෝල් තරගාවලිය, අගෝස්තු 24 සිට 30 වැනිදා දක්වා හොංකොං නුවරදී පැවැත්වීමට නියමිත එහි කාන්තා තරගාවලිය, අප්‍රේල් 14 සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ ‘සමිලා’ නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු විවෘත වෙරළ වොලිබෝල් (පිරිමි) තරගාවලිය හා අප්‍රේල් 20 සිට 23 වැනිදා දක්වා වියට්නාමයේ කැන්ටන් නුවරදී පැවැත්වීමට නියමිතව තිබිණ.

එහි කාන්තා තරගාවලිය සඳහාත් කණ්ඩායම් සහභාගි කිරීමට ශ්‍රී ලංකාව සැළසුම් කර තිබුණි.

කෙසේ වුවත් එම තරගාවලි කල් දැමීම හෝ අවලංගු කිරීම පිළිබඳව ආසියානු වොලිබෝල් සම්මේලනය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැත.

මෙම වසරට ආසියානු වොලිබෝල් සම්මේලනය ප්‍රකාශයට පත් කර තිබෙන අන්තර්ජාතික තරග දින දසුනට අනුව ආසියානු ශූරතා තරගාවලි ගණනාවකට සත්කාරය දරන්නේ කොරෝනා වසංගතය මේ වනවිට දරුණු ලෙස පැතිර පවතින චීනය සහ දකුණු කොරියාව ප්‍රධාන නැගෙනහිර හා අග්නිදිග ආසියානු රටවල්ය.

එම තත්ත්වය මත මේ වසරට නියමිත ආසියානු ශූරතා වොලිබෝල් හා වෙරළ වොලිබෝල් තරග මාලා ගණනාවක් පැවැත්වීම මේ වනවිටත් අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබේ.


අදහස් (0)

වොලිබෝල් සංචිත 4 ක් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.