Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් බලාපොරොත්තු බිඳ වැටෙයි

වොලිබෝල් බලාපොරොත්තු බිඳ වැටෙයි

editorial - 2019 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී වොලිබෝල් ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් හෝ දිනාගැනීමට ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු අද දිනයේදීම දරුණු පසුබෑමකට ලක්විය. පිරිමි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ඉන්දීය පිල හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-1 ක පරාජයක් ලැබීමෙනි.

පළමු අවසන් පූර්ව වටයේ පළමු වටය 27-25 ක් ලෙසින් ජයගත් ඉන්දීය කණ්ඩායම දෙවැනි වටයත් 25-19 ක් ලෙසින් ජයගත්තේ තරගයේ 2-0 ක් ලෙසින් ඉදිරියට පැමිණෙමිනි. එහෙත් තුන්වැනි වටය 25-21 ක් ලෙසින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම සටනට අවතීර්ණ වුවද ඉන්දියානුවෝ 25-21 ක් ලෙසින් සිව්වැනි වටය ජයගනිමින් තරගය හමාර කළහ.

දෙවැනි අවසන් පූර්ව වටයේදී පාකිස්තානය විසින් බංග්ලාදේශය තරග වට 3-0 ක් ලෙසින් පරාජය කරන ලදි.
තුන්වැනි ස්ථානය සඳහා තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වේ.

එහිදී කාන්තා වොලිබෝල් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් නේපාලයට වට 3-0කින් පරාජය විය. එහි ලකුණු සටහන් වූයේ 25/14, 25/18 සහ 25/21 ක් වශයෙනි. කාන්තා වොලිබෝල් තරගාවලියේදීත් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු රඳවාගත හැක්කේ ලෝකඩ පදක්කමක් කෙරේ පමණි.

ඡායාරූප - සමීර පීරිස්


අදහස් (0)

වොලිබෝල් බලාපොරොත්තු බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.