Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්ය කරයි

දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්ය කරයි

නාමල් පතිරගේ - 2020 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජාතික ‘මංචි’ කුසලාන වොලිබෝල් තරග මාලාවට අනුග්‍රහය දක්වන සිලෝන් (මංචි) බිස්කට් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි  නලින් කරුණාරත්න මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාට අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු.  සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි කළමනාකරු රොමේෂ් ජයතිලක, එහි මහජන සබඳතා කළමනාකරු ජානක බොතේජු, වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක එහි භාණ්‍ඩාගාරික තුෂාර සම්පත් යන මහත්වරුද ඡායාරූපයේ වෙති.  

‘මංචි’ කුසලාන ජාතික වොලිබෝල් තරග මාලාවේ ආධුනික කාණ්ඩයේ වෙනසක් ඇති කරමින් ඒ සඳහා සහභාගි වන කණ්ඩායම්වලට ඉදිරිපත් වන දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබේ.

පැරණි ක්‍රමයට අනුව දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයකින් නියෝජනය කරමින් ආධුනික ඛණ්ඩය සඳහා කණ්ඩායම් ඉදිරිපත් කිරීමට අවකාශ ලැබී තිබුණි. එම ක්‍රමය තුළින් ආරක්ෂක හමුදා කණ්ඩායම් දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් කිරීමේදි බොහෝ දිස්ත්‍රික්ක වලින් තරගාවලියට අයැදුම් කරන (ග්‍රාමීය) ක්‍රීඩා සමාජවලට අසාධාරණයක් සිදුවන බවට ලැබී තිබෙන පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙතැන් පටන් ආධුනික තත්ත්වය සඳහා නව අයැදුම්ක්‍රමය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසීය.

ඒ අනුව ආධුනික කාණ්ඩය සඳහා අයැදුම්පත්  යොමු කිරීමේදී එම අයැදුම්පතට ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් 14 දෙනකු  ඇතුළත් කළ යුතු අතර ඉන් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් නව දෙනෙකුට තරගාවලියට ඉදිරිපත් වන  දිස්ත්‍රික්කයේ පදිංචි අයවීම අනිවාර්ය වේ.  තරගයකට  සහභාගි වී සිටින අවස්ථාවකදීද  කණ්ඩායම් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් බහුතරයක් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතුය.

මංචි කුසලාන  ජාතික වොලිබෝල් තරග මාලාව මෙම 16 වැනිදා  ආරම්භ කෙරේ. ඒ දිස්ත්‍රික් හා කලාප 26කදී  පැවැත්වෙන මූලික තරග වටය ආරම්භ කරමිනි.

ජාතික වොලිබෝල් ශූරතා තරගමාලාව ආධුනික හා සුපිරි ලීග්  යනුවෙන් කාණ්ඩ දෙකකින් මෙවරත් සංවිධානය කෙරේ. දිවයිනේ ප්‍රබලතම හා  නමගිය කණ්ඩායම් තරග වදින සුපර් ලීග් කණ්ඩයේ කාන්තා තරගාවලියට කණ්ඩායම් හයක්ද හා පිරිමි තරගාවලියට කණ්ඩායම් අටක්ද මෙවර ඉදිරිපත්ව සිටියි.

සුපිර් ලීග් කාණ්ඩයේ තරග ලබන නොවැම්බර් 7 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ආධුනික කාණ්ඩයේ ජාතික තරග වටය  ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් 14 වැනිදාය. කාණ්ඩ දෙකේම අවසන් මහ තරග මහරගම තරුණ සේවා ගෘහස්ත පිටියේදී පැවැත්වීමට සූදානම් කර ඇත්තේ නෙවාම්බර් 28 වැනිදාය.

වොලිබෝල් සම්මේලනය අපේක්ෂා කරන්නේ මෙවර තරගාවලියේ  ආධුනික කාණ්ඩයට කාන්තා හා පිරිමි කණ්ඩායම් 2000කට වැඩි ණනක් සහභාගි කර ගැනීමටය. ඒ සඳහා අයදුම්පත්  බාරගන්නා අවසන් දිනය මෙම 15 වැනිදාය.

පසුගිය වසරේදි (2019) ශූරතාව දිනූ යුද හමුදා කණ්ඩායම ඇතුළුව නාවික හමුදාව, ගුවන් හමුදාව, වරාය අධිකාරිය, පොලිසිය, තරුණ සේවා, විදුලිබල මණ්ඩල හා ඕෂන් ලංකා යන කණ්ඩායම් මෙවර සුපර්ලීග් පිරිමි කාණ්ඩයේ තරග වදියි.

පසුගිය වසරේදී සුපර්ලීග් කාන්තා ශූරතාව හිමිකරගත් ගුවන් හමුදා කණ්ඩායම හැරෙන්නට යුද හමුදා, නාවික හමුදා, වරාය අධිකාරි, හයිඩ්‍රාමනි ක්‍රි.ස., වරාය අධිකාරි හා උස්වැව රතනපාල යන ක්‍රීඩා සමාජ මෙවර සුපර් ලීග් කාන්තා කණ්ඩායම ආරාධනා ලබා සිටින කණ්ඩායම් වෙති.

පසුගිය තරගාවලියේදී ආධුනික (පිරිමි) ශූරතාව දිනාගත්  ඕෂන් ලංකා හා එහි කාන්තා ශූරතාව ලද මහ උස්වැව රතනපාල යන කණ්ඩායම් එම ජයග්‍රහණ හමුවේ මෙවර සුපිරි ලීග් කණ්ඩායම නිර්දේශ  සිටියි.

සිලෝන් (මංචි) බිස්කට් ආයතනය 13 වැනි වතාවටත් තරග මාලාවට අනුග්‍රහය දැක්වීමේදි ශූරතාලාභී කණ්ඩායම් සඳහා රුපියල් 150,000 සිට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. දිස්ත්‍රික්ක (මූලික වටයේ) ශූරතාලාභීන් හා අනුශූරතාලාභී කණ්ඩායම් සඳහාද විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.

 


අදහස් (0)

දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්ය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.