Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket යසිරුගේ පන්දු යැවීම ලුම්බිණියට ජය ගෙනෙයි

යසිරුගේ පන්දු යැවීම ලුම්බිණියට ජය ගෙනෙයි

editorial - 2019 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කළුතර සිරි කුරුස විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ලුම්බිණි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලුම්බිණි විදුහලේ යසිරු ජයසිංහ පළමු ඉනිමේදී කඩුලු 4 ක්ද, දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක්ද බැගින් ඉනිම් දෙකේදීම කඩුලු 10 ක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.


සිරි කුරුස විදුහල් පළමු ඉනිම - ඕවර 25.2 කදී සියලු දෙනා දැවී 64
(යසිරු ජයසිංහ 15/4, බාසික ශච්මින් 08/2)

ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 28.2 කදී කඩුලු 7 ක් දැවී 107
(යසිරු ජයසිංහ 34, සහන් කෞෂල්‍ය 24, මාරියෝ තිසේරා 37/3, පසිඳු විමන්ත 06/2)

සිරි කුරුස විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 92
(පසිඳු විමන්ත 32, යසිරු ජයසිංහ 46/6, නදීල් රාජුදිල් 07/3)

ලුම්බිණි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 6.5 කදී කඩුලු 4 ක් දැවී 56
(ශානුක චෙරාන් 24/3)


-036

 


අදහස් (0)

යසිරුගේ පන්දු යැවීම ලුම්බිණියට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.