Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලාන ප්‍රංශයට

ලෝක කුසලාන ප්‍රංශයට

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ශූරතාව තමන් සතුකර ගැනීමට අද (15) සමත් විය. මෙම තරගය රුසියාවේ මොස්කව්හිදී පැවැත්විණ.

තරගයේ දෙවැනි භාගයේ ක්‍රියාත්මක වූ ප්‍රංශ ක්‍රීඩක පෝල් පොග්බා 59 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් තරගයේ වැඩි වාසිය ප්‍රංශය වෙත නතුකර ගත්තේය. දිගින් දිගටම ක්‍රොඒෂියාවේ දැල රකින්නා අසාර්ථක දැල රැකීමක නිරතවීම නිසා ප්‍රංශ ක්‍රීඩක කයිලියන් බාපේ 65 වැනි මිනිත්තුවේදී නැවතත්  ගෝලයක් ලබා ගනිමින් ක්‍රොඒෂියාවේ ලෝක කුසලාන සිහිනය සම්පූර්ණයෙන්ම බොඳ කළේය. බාපේගේ එම ගෝලයත් සමගින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ලාබාලතම දෙවැනි ක්‍රීඩකයා  බවටද ඉතිහාසයට එක්විය. බ්‍රසීලයේ ලෝකශූර පේලේ තවමත් මෙම වාර්තාවට හිමිකම් කියයි.

ක්‍රොඒෂියා ක්‍රීඩක මාරියෝ මැන්ඞ්සුකික් ප්‍රංශ දැල රකින්නාගෙන් ලබාගත් පන්දුව කෙළින්ම දැල වෙතට යොමු කරමින් 69 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියාවේ දෙවැනි ගෝලය වාර්තා කළද, එවිටමත් ජයග්‍රහණයේ වැඩි ගෞරවය ප්‍රංශය වෙත නතුවී අවසන්ය.

ප්‍රංශයේ සත්කාරකත්වයෙන් 1998 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ලෝක ශූරයන් බවට පත්වූ ප්‍රංශය මෙවර නැවතත් ලෝක ශූරයන් බවට පත්වූයේ වසර 20 කට පසුව වීමද විශේෂත්වයකි.

තරගයේ 18 වැනි මිනිත්තුවේදී ප්‍රංශයට ලබාදුන් නිදහස් පහර ප්‍රංශ ක්‍රීඩක ග්‍රිස්මාන් විසින් සාර්ථකව දැලවෙත පිරිනැමීමත් සමග ක්‍රොඒෂියාවේ මාරියෝ මැන්ඩ්සුකික් හිසෙන් තමන්ගේම දැලවෙත පන්දුව දමා ගැනීමෙන් ප්‍රංශයේ පළමු ගෝලය වාර්තා විය.

නැවතත් 28 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියාවේ අයිවන් පෙරිසික් ලබාගත් විශිෂ්ට ගෝලය හමුවේ ගෝල 1-1 කින් සමකර ගනිමින් ක්‍රොඒෂියාවද තරගයට අවතීර්ණ විය. ක්‍රොඒෂියාව වෙනුවෙන් විශිෂ්ට ගෝලය වාර්තා කළ අයිවන් පෙරිසික්ගේ අතෙහි පන්දුව වැදීම නිසා ප්‍රංශයට නිදහස් පහරක් ප්‍රදානය කිරීමට තරග විනිසුරුවරයා තීරණය කළේය. දඬුවම් පහර සාර්ථකව දැලවෙත යොමුකළ ඇන්තනි ග්‍රිස්මාන් පළමු භාගය අවසානයේ ගෝල 2-1 කින් ප්‍රංශය පෙරමුණේ තැබීමට සමත් විය.

මෙවර තරගාවලියේදී  ’සී’ කාණ්ඩයෙන් තරගවැදි ප්‍රංශය පළමු වටයේ සහභාගී වූ තරග තුනෙන් දෙකක්ම ජයගත් අතර සෙසු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. ප්‍රබල ආජන්ටිනාවේ ගමන නවතාලමින් ගෝල 4-3 ක විශිෂ්ට ජයක් හිමිකරගත් ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරමින් මෙවර තරගාවලියේ පෙරළිකාරම රට බවට පත්විය. අර්ධ අවසන් පූර්ව වටයේදී උරුගුවේ කණ්ඩායම පරාජයට පත්කළ ප්‍රංශය අවසන් පූර්ව වටයේදී බෙල්ජියමද පරාජයට පත්කරමින් අවසන් මහ තරගය තෙක් දීර්ඝ ගමනක් පැමිණියේය.


රන් සපත්තුවට හිමි සම්මානය  - එංගලන්තයේ හැරීකේන්

 


රන් අත්වැසුමට හිමි සම්මානය  - බෙල්ජියමේ තිබෝට් කෝටොයිස්  

 


රන් පාපන්දුවට හිමි සම්මානය  - ක්‍රොඒෂියාවේ ලුකා මොඞ්රික්

 


නැගීඑන ලාබාලතම ක්‍රීඩකයාට හිමි සම්මානය - ප්‍රංශයේ කයිලියන් බාපේ

 


වඩාත්ම විනයගරුක කණ්ඩායමට හිමි සම්මානය -  ස්පාඤ්ඤය

 

- 024


අදහස් (0)

ලෝක කුසලාන ප්‍රංශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.