Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරංගට තරග දෙකක තහනමක්

තරංගට තරග දෙකක තහනමක්

Nisanka Sandeepani - 2017 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සමගින් ඊයේ (24 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට වඩා වැඩිපුර කාළයක් පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට එක්දින තරග දෙකක තහනමක් පැණවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව තීරණය කර ඇත.

තරංගට තරග දෙකක් තහනම් කිරීම සම්බන්ධ නිවේදනයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් මෙතෙක් නිකුත් කර නැති නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එම නිවේදනය ලැබෙන තුරු බලා සිටී. එහෙත් පල්ලෙකැළේ තරගයේදී නියමිත වේලාව ඇතුළත යැවිය යුතු ඕවර කිහිපයක් අඩුවෙන් යවා ඇතැයි තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට දැනුම් දෙනු ලැබ ඇත.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීද නියමිත කාලයට පෙර යැවීමට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට නොහැකිවිම හේතුවෙන් එක්දින තරග දෙකක තහනමකට ලක්වීමට උපුල් තරංගට සිදුවිය. මේ අනුව මාස තුනක් ඇතුළතදී උපුල් තරංග තරග තහනමකට ලක්වූ දෙවැනි අවස්ථාව වන්නේය.

ඊයේ තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස රැන්මෝ මාටිනස් (ශ්‍රී ලංකාව) සහ පෝල් රයිෆල් (ඕස්ට්‍රේලියාව) මහත්වරුන් කටයුතු කළ අතර තරග තීරක ලෙස ඇන්ඩි පයික්‍රොෆ්ට් (සිම්බාබ්වේ) මහතා කටයුතු කළේය.

මේ අනුව 27 වැනිදා පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි එක්දින තරගය සහ 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය උපුල් තරංගය අහිමිවී යනු ඇත. එක්දින කණ්ඩායම සදහා උපනායකයෙක් පත්කර නොමැතිවිම හේතුවෙන් එම තරග දෙක සදහා නායකයකු පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් තේරීම් කමිටු සාමාජිකයින් අතර මේ වනවිට පැවැත්වෙමින් පවතී.

 


අදහස් (0)

තරංගට තරග දෙකක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.