Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපානයට පෙරළිකාර ජයක්

ජපානයට පෙරළිකාර ජයක්

editorial - 2019 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ පෙරළිකාරයන් බවට පත්වෙමින් ලෝක රග්බි ශ්‍රේණිගත ලයිස්තුවේ මුදුන් හිණිපෙත්තේ සිටි අයර්ලන්තය පරාජය කිරීමට ජපානය සමත් විය. මෙහිදී ජපන් ක්‍රීඩකයෝ ලකුණු 19-12 කින් ප්‍රබල අයර්ලන්ත පිල පරාජය කිරීමට සමත් වූහ.

ජපානයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ මෙම තරගය සෙනසුරාදා (28) පැවැත්විණි.

අයර්ලන්තය මෙම තරගයට සහභාගි වීමට පෙර ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියේය. ජපානය ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ 10 වැනිදා ස්ථානයේ පසුවිය. ජපානය මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රේණිගත කිරීමේ 9 වැනිනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.

අයර්ලන්තය මෙම අනපේක්‍ෂිත පරාජයත් සමඟ දෙවැනි තැනට වැටුණු අතර දෙවැනි ස්ථානයේ සිටි නවසීලන්තය පළමු ස්ථානයට පැමිණියේය.  

ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක ජපානය මේ වන විට සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 9 ක් සමගින් ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය ආරක්‍ෂාකරගෙන සිටියි. අයර්ලන්තය තරග දෙකකදී තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.

අයර්ලන්තය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-9 ක් ලෙස පෙරමුණේ පසුවුද දෙවැනි අර්ධයේදී ජපන් පිල ආරක්‍ෂාව වැඩිකරන අතරේදීම ලකුණු 10 ක් රැස්කිරීමෙන් අයර්ලන්තයට මෙම අනපේක්‍ෂිත පරාජය මුහුණදීමට සිදුවිය. ජපන් ක්‍රීඩකයන් පන්දුව වැඩි කාලයක් තමන් තුළ රදවාගැනීමේ උපක්‍රමයක් අනුගමනය කළ අතර ඒ අතරතුරදී ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත්හ.

අයර්ලන්තය තරගයේ 13 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 5-0 ක් ලෙස ලකුණු පුවරුව සක්‍රීය කළේය. ඉන් මිනිත්තු තුනක් ගතවීමට පෙර ජපානය දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු තත්ත්වය 3-5 ක් බවට පත්කිරීමට සමත් විය.

අයර්ලන්තය 20 වැනි මිනිත්තුවේදී ගෝල දිනුමක් සාර්ථක කරමින් ලකුණු පුවරුව 12-3 ක් බවට පත්කරමින් ලකුණු 9 ක වාසියක් ලබාගත්තේය.

ජපානයට මිනිත්තු හතරක් තුළ ලැබුණු දඩුවම් පහර දෙක ටමුරා සාර්ථක කිරීමෙන් 35 වැනි මිනිත්තුව වන විට ලකුණු තත්ත්වය 9-12 ක් බවට පත්විය. ඒ අනුව අයර්ලන්තය ලකුණු තුනක් පමණක් ඉදිරියෙන් සිටියදී පළමු අර්ධය අවසන් විය.

දෙවැනි අර්ධයේ 17 වැනි මිනිත්තුවේදී කෙන්කි ෆුකුඕකා විශිෂ්ට ලෙස සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ටමුරා අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ජපානය පළමු වරට ලකුණු 16-12 ක් ලෙස ලකුණු හතරකින් පෙරමුණට පැමිණියේය.

වින්ගර් කෙන්කි ෆුකුඕකා සම්පූර්ණ කළ උත්සාහක දිනුම මෙම ජයග්‍රහණයට වඩාත් තීරණාත්මක විය.  
ටමුරා දෙවැනි අර්ධයේ 30 වැනි මිනිත්තුවේදී තවත් දඩුවම් පහරක් සාර්ථක කරමින් ජපානය ලකුණු 7 ක් ඉදිරියෙන් තැබීය. ටමුරා දඩුවම් පහර හතරක් සාර්ථක කරමින් ලකුණු 12 ක් එකතු කිරීම ජපානයේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් බවට පත්විය.

 

- 048


අදහස් (0)

ජපානයට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.