
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ යාපනය ශාන්ත ජෝන් විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර යාපනය ශාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත පීතර විදුහලේ රිතිල් සුරවීර, ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිමේදී ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 24.2 කදී සියලු දෙනා දැවී 79
(ඒ. කවිෂාන් නොදැවී 22, ෂවන් රුබෙල්ස් 29/4, තනූජ හෙට්ටිආරච්චි 24/3, ෆාහිම් සුවාරිස් 19/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 7 ක් දැවී 83
(ෂවන් රුබෙල්ස් නොදැවී 28, දේවේන්ද්‍ර ජසියාල් 25/3)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.4 කදී සියලු දෙනා දැවී 90
(කේ. සබේසන් 28, ඒ. ජෙරුන් 22, රිතිල් සුරවීර 18/5, තනූජ හෙට්ටිආරච්චි 31/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.