Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches ධර්මපාල - රාහුල ‘රුහුණු මායා හටන’ හෙට

ධර්මපාල - රාහුල ‘රුහුණු මායා හටන’ හෙට

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික තලයට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් දායාද කර ඇති පාසල් ද්විත්වයක් වන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර 8 වැනි ‘රුහුණු මායා හටන’ මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (5 සහ 6) දෙදින කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ධර්මපාල විදුහල් කණ්ඩායම අමිල ඩයනකගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙන අතර, ප්‍රදීප් නිශාන්ත මහතා කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කරයි. සසිත් මනුරංග මෙවර රාහුල විදුහල් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර, ප්‍රධාන පුහුණුකරු ලෙස  රනිල් රසාංග මහතා කටයුතු කරයි.

දෙවිදුහල්හි මේ දක්වා පැවැති තරගයන්ට අනුව ලැබූ එකම ජයග්‍රහණය ධර්මපාල විදුහල 2015 වසරේදී ලැබූ ජයග්‍රහණය වේ. මේ දක්වා පැවැති සෙසු සියලුම තරග ජය පරාජයෙන් තොරව අවසන්වී තිබේ.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම නියෝජනය කළ චින්තක ජයසිංහ ධර්මපාල විදුහලේ ආදි සිසුවෙකු වන අතර, ටෙස්ට්, ක්‍රීඩක සුරාජ් රන්දිව් රාහුල විදුහලේ ආදි සිසුවෙකි.

දෙවිදුහල් අතර එක්දින තරගය අප්‍රේල් මස 07දා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

මෙවර තරගයේදී ධර්මපාල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිවුවැනි වසරේ වර්ණලාභියෙකු වන අමිල ඩයනක වෙත හිමිව තිබේ. වමතින් පිත්ත හසුරවන අමිල පිතිකරුවෙකු ලෙස මෙන්ම කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නාද වේ. ඔහු මෙවර තරග වාරයේදී තරග 15කට එක්වෙමින් ලකුණු 313ක් රැස්කර ඇත. 

පස්වැනි වසරේ වර්ණලාභියෙකුවන සසිත්, දකුණත් පිතිකරුවෙක් ලෙසින් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 13කදී ලකුණු 808ක් රැස්කර ඇත. එයට ශතක 03ක් හා අර්ධ ශතක 03ක් ඇතුළත් වේ. මාතර ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 119ක් රැස්කිරීම ඔහුගේ ඉහළම ඉනිම වේ. එසේම දකුණත් පිටදඟ පන්දු යවන්නකු ලෙසින් කඩුලු 43ක් බිඳහෙලා ඇති සසිත්, යාපනය ශා. ජෝන් විද්‍යාලයට එරෙහිව ලකුණු 20කට කඩුලු 06ක් ලෙස සිය හොඳම පන්දු යැවීම සටහන් කර තිබේ. 

මාතර රාහුල විදුහල් කණ්ඩායම
පළමු පෙළ වමේ සිට සසිත් මනුරංග (නායක), රනිල් රසාංග (ප්‍රධාන පුහුණුකරු), මනෝජ මදුෂංක (ක්‍රිකට් භාර ආචාර්ය), රම්‍යා විජේතුංග (ක්‍රීඩා භාර නියෝජ්‍ය විදුහල්පති), එස්.එස්. රත්නායක (නියෝජ්‍ය විදුහලපති), එෆ්. වෙලගේ (විදුහල්පති), ලලනි කුමාරි (නියෝජ්‍ය විදුහලපති), චින්තන ගුණවර්ධන (ක්‍රීඩා භාර ආචාර්ය), යසිදු නාදුගල (සහය පුහුණුකරු), භාග්‍ය එදිරිවීර (උපනායක)

දෙවැනි පෙළ වමේ සිට -යෙනුර සන්තුෂ, සිතුම් අංජන, හෙශාන් දිල්හාර, පසිදු අවිශ්ක, ඔවින් බෝපගේ, සහන් බණ්ඩාර, චමුදිත දිල්ශාන්, ලකිදු චමෝද්‍ය, තරුෂ ජයසේකර සහ මනුජ දුල්නෙත්

තෙවැනි පෙළ (හිටගෙන) වමේ සිට - තරිදු රාජපක්ෂ, බිනර සන්කේත්, රුවිදු දිල්ශාන්, මලිදු හන්සික, තිමිර චන්දික

 

ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට- - ඉෂාන් අංජන (සහය පුහුණුකරු), අවිශ්ක හසරින්ද, සුජිත් ලියනගේ (ක්‍රිකට් භාර ආචාර්ය), මාලනී යටවර (ක්‍රීඩා ප්‍රධානී), චමිඳු සමරසිංහ, ඔෂාර පණ්ඩිතරත්න (විදුහල්පති), අමිල ඩයනක (නායක), ඩබ්.එම්. වාසල (ක්‍රිකට් භාර ආචාර්ය), දුලාජ් එගොඩගේ, ප්‍රදිප් නිශාන්ත (ක්‍රිකට් භාර ආචාර්ය)

දෙවැනි පෙළ වමේ සිට -- විහඟ ගුණරත්න, රෂ්මික ජයකොඩි, සෂික දිල්ෂාන්, ලක්ෂිත පුරසිංහ, නඳුන් හේවනායක, අශාන්ත විශ්වජිත්, කවින්ද නිශාන්ත, ෂෙවොන් නදීජ, තරිඳු සඳරුවන්, මලින් සඳකැළුම්, නවිඳු නවීන් සහ සංචන ලංකා

 


අදහස් (0)

ධර්මපාල - රාහුල ‘රුහුණු මායා හටන’ හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.