Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බැඞ්මින්ටන් විනිසුරුවන් සහ තාක්ෂනික නිලධාරීන් සඳහා වූ වැඩමුළුවක් පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පවත්විණ. විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවන තාක්ෂණික නිලධාරීන් සඳහා යෝග්‍යතා පරීක්ෂණයක්ද, මේ වන විට විනිසුරුවන් ලෙස කටයුතු කරන නිලධාරීන් සඳහා ක්‍රීඩාවේ නව ප්‍රවණතා හඳුන්වා දීම මෙන්ම සහ ඇගයීම් පරීක්ෂණයක්ද එහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට අනුයුක්තව කටයුතු කරන තාක්ෂණික නිලධාරීන් 50 දෙනෙකු මෙම වැඩසටහන සටහන සඳහා සහභාගි වූ අතර වැඩසටහන මෙහෙයවන ලද්දේ අත්දැකීම් බහුල, පිළිගත් විනිසුරුවන් කිහිප දෙනෙකු විසිනි.
නීති, රෙගුලාසි සහ වෙනත් හඳුන්වාදීම්වල නවතම යාවත්කාලීන කිරීම් හඳුන්වාදීම සමගින් විනිසුරුවන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට මෙම වැඩසටහන උපකාරී වූ අතර ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ අවසරලත් විනිසුරුවරයෙකු වන රෝහණ ද සිල්වා මහතා මෙම පාඨමාලාවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය විසින් තාක්ෂණික නිලධාරීන් සහ විනිසුරුවන් සඳහා පවත්වනු ලැබූ වැඩමුළුවලට සහභාගි වූ නිලධාරීන්..
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.