Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘මයි ඩැඩ් මයි සුපර්ස්ටාර්’ අවසන් තරගය අප්‍රේල්7දා

‘මයි ඩැඩ් මයි සුපර්ස්ටාර්’ අවසන් තරගය අප්‍රේල්7දා

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මගේ තාත්තා මගේ වීරයා’ යන තේමාව යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ පාසල් නියෝජනය කරමින් පැවැත්වෙන ‘මයි ඩැඞ් මයි සුපර්ස්ටාර්’ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග කෝල්ට්ස් සහ බි.ආර්.සී ක්‍රීඩාංගණවලදී ඊයේ (31 වැනිදා) පැවැත්වුණි.

මෙම තරගාවලියේ මූලික වටයේ සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඕවර 15 තරග වන අතර අවසන් පූර්ව වටයේ සිට ඕවර 20 තරග පැවැත්වේ.

කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 6 ක් යටතේ පැවැති මූලික වටයේ තරග 30 වැනිදා අවසන්වූ අතර එහිදී සුපර් ඩෑඞ්, චැම්පියන්ස් සහ චැලේන්ජර්ස් ලෙස කුසලාන 3 ක් සඳහා කණ්ඩායම් බෙදා වෙන් කෙරුණි.

ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කණ්ඩායම් 6 ගෙන ඔවුන්ගෙන් දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් දෙක සුපර් ඩෑඞ් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කෙළින්ම සුදුසුකම් ලබාගත්තේය. ඒ අනුව රොමේෂ් කළුවිතාරණ නායකත්වය දැරූ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත් උපුල් චන්දන නායකත්වය දැරූ ගාල්ල මහින්ද විද්‍යාලයත් කළින්ම අවසන් පූර්ව වටයේ සිය ස්ථාන වෙන්කර ගත්හ.

සුපර් ඩෑඞ් කුසලාන තරගාවලියේ ඉතිරි කණ්ඩායම් 4 අතර අර්ධ අවසන් පූර්ව තරග අද පැවැති අතර එහිදී නුවන් සොයිසා නායකත්වය දැරූ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 42 ක ජයක් හිමිකරගත් ඉඳුනිල් ඇන්තනී නායකත්වය දැරූ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත්, ලංකා ද සිල්වා නායකත්වය දැරූ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට එරෙහිව ලකුණු 107 ක ජයක් හිමිකරගත් ඉන්දික ද සේරම් නායකත්වය දැරූ ඒකාබද්ධ කණ්ඩායමත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම් 6 ගෙන ඔවුන්ගෙන් දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් දෙක චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කෙළින්ම සුදුසුකම් ලබාගත්තේය. ඒ අනුව චමින්ද වාස් නායකත්වය දැරූ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයත් මහින්ද හලංගොඩ නායකත්වය දැරූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉතිරි කණ්ඩායම් 4 අතර අර්ධ අවසන් පූර්ව තරග අද පැවැති අතර එහිදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නායකත්වය දැරූ මාතර රාහුල විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකරගත් වසන්ත ප්‍රනාන්දු නායකත්වය දැරූ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයත්, අජිත් ඒකනායක නායකත්වය දැරූ කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකරගත් ඇන්ජලෝ වික්‍රමසූරිය නායකත්වය දැරූ මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම් 6 ගෙන ඔවුන්ගෙන් දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් දෙක චැලේන්ජර්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කෙළින්ම සුදුසුකම් ලබාගත්තේය. ඒ අනුව අවිශ්ක ගුණවර්ධන නායකත්වය දැරූ කොළඹ ආනන්ද විද්‍යාලයත් හේමන්ත දේවප්‍රිය නායකත්වය දැරූ කොළඹ නාලන්දා විද්‍යාලයත් අවසන් පූර්ව වටයට සුසුදුකම් ලබාගත්හ.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉතිරි කණ්ඩායම් 4 අතර අර්ධ අවසන් පූර්ව තරග අද පැවැති අතර එහිදී ඉන්දික ඒකනායක නායකත්වය දැරූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකරගත් නල්ලයියා දේවරාජන් නායකත්වය දැරූ කොළඹ රාජකීය විද්‍යාලයත්, හෂාන් තිලකරත්න නායකත්වය දැරූ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකරගත් චමිල ගමගේ නායකත්වය දැරූ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

අවසන් පූර්ව තරග අප්‍රේල් 6 වැනිදා කෝල්ට්ස් සහ බී.ආර්.සී ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර අවසන් මහා තරග මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇති අතර සුපර් ඩෑඞ් කුසලාන අවසන් තරගය රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

 


අදහස් (0)

‘මයි ඩැඩ් මයි සුපර්ස්ටාර්’ අවසන් තරගය අප්‍රේල්7දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.