Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපුන - ඉෂාරා විවෘත ශූරතා දිනති

සුපුන - ඉෂාරා විවෘත ශූරතා දිනති

editorial - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජී.එස්.එම්. මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ ආධුනික සහ අන්තර් මධ්‍යස්ථ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයේ සුපුන වරුසවිතාන සමත් විය. තරගාවලියේ විවෘත කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගි විසිනි.

අවසන් මහ තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලේ ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරමින් සුපුන විවෘත පිරිමි ශූරතාව දිනාගත් අතර ඉෂාරා විවෘත කාන්තා ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී කොළඹ කාන්තා විදුහලේ අයලා චිට්ටි පරාජය කරමිනි.

තරගාවලියේ අන්තර් මධ්‍යස්ථ පිරිමි ශූරතාව දිනාගැනීමට මහනුවර කින්ස්වුඞ් විදුහලේ රසදු ජයසුන්දර සමත් වෙද්දී අන්තර් මධ්‍යස්ථ කාන්තා ශූරතාව දිනාගැනීමට කෑගලු විද්‍යාලයේ නවින්දි සෙනවිරත්න සමත් වූවාය.
කෑගලු විද්‍යාලයේ මතීෂ වික්‍රමනායක විසින් ආධුනික පිරිමි ශූරතාවද, කොළඹ මියුසියස් විදුහලේ ෂෙනාලි මෙන්ඩිස් විසින් ආධුනික කාන්තා ශූරතාවද දිනාගනු ලැබූහ.  

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩකයන් රැසක් සහභාගි වූ අතර ලුතිනන් කර්නල් නලීන් හේරත් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්විය.


තරග ප්‍රතිඵල

විවෘත පිරිමි
සුපුන වරුසවිතාන (මොරටුව විශ්ව විද්‍යාලය) විසින් තරග වට 4-3 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/4, 6/11, 11/7, 5/11, 8/11, 11/5)

විවෘත කාන්තා
ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) විසින් තරග වට 4-0 ක් ලෙස අයලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/7, 11/6, 11/8, 11/9)

අන්තර් මධ්‍යස්ථ පිරිමි
රසදු ජයසුන්දර (මහනුවර කින්ස්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/8, 12/10)

අන්තර් මධ්‍යස්ථ කාන්තා
නවින්දි සෙනවිරත්න (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 2-0 ක් ලෙස හසනි ඉකිරියවත්ත (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/7)

ආධුනික පිරිමි
මතීෂ වික්‍රමනායක (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 2-0 ක් ලෙස නුවන් චාමර (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/4, 11/5)

ආධුනික කාන්තා
ෂෙනාලි මෙන්ඩිස් (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ඉන්දුප්‍රභා රත්නායක (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (7/11, 11/9, 11/9)

-036


අදහස් (0)

සුපුන - ඉෂාරා විවෘත ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.