Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. ක්‍රීඩකයෝ තුන්වැනි ජයත් ලබති

සී. ආර්. ක්‍රීඩකයෝ තුන්වැනි ජයත් ලබති

editorial - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2019) තෙවැනි සතියේදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ලකුණු 35-17 කින් ගුවන් හමුදා පිල පරාජය කරමින් තෙවැනි ජයත් ලබාගත්තේය. සී. ආර්. පිල මෙම ජයග්‍රහණයත් සමඟ අපරාජිතව සිටිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය අත්කර ගත්තේය.

ජයග්‍රාහි සී. ආර්. පිල ගෝල 5 කින් ලකුණු 35 රැස් කළ අතර ගුවන් හමුදා පිලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.  

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී සී. ආර්. ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 28-10 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වූහ.  

තරගය ආරම්භ වී තෙවැනි මිනිත්තුවේදී හරිත් බණ්ඩාර සී. ආර්. පිලට එකතු කළ උත්සාහක දිනුම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද ප්‍රවර්ථක භූමිකාව ඉටුකළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රීසා මුබාරක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

රිෂාන් වීරකෝන්, ජනිඳු ඩිල්ෂාන් සහ නායක ඔමල්ක ගුණරත්න සම්පූර්ණ කළ උත්සාහක දිනුම් තුන රීසා මුබාරක් ගෝල බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ සී. ආර්. පිලේ ලකුණු සංඛ්‍යාව 28 ක් බවට පත්විය.

ගුවන් හමුදා පිල වෙනුවෙන් පළමු අර්ධයේදී ෆිජි ජාතික ටී. ජේම්ස් සහ නුවන් පෙරේරා උත්සාහක දිනුම් දෙකක් එකතු කිරීමට සමත් වූහ. සී. ආර්. පිලට දෙවැනි අර්ධයේදී එකතු වූ එකම උත්සාහක දිනුම ගැමුණු චේතිය සම්පූර්ණ කළ අතර රීසා එයට ද අතිරේක ලකුණු දෙක මුසුකිරීමෙන් ලකුණු පුවරුව 35-10 ක් බවට පත්විය.

ටී. ජේම්ස් දෙවැනි අර්ධයේ අවසන් භාගයේදී ගුවන් හමුදා පිලට දෙවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කළ අතර ගයන්ත ඉද්දමල්ගොඩ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් අවසන් ලකුණු තත්ත්වය 35-17 ක් බවට පත්විය.  

 

 - 048

 


අදහස් (0)

සී. ආර්. ක්‍රීඩකයෝ තුන්වැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.