Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වුෂූ ක්‍රීඩක තරිඳුගෙන් රන් පදක්කමක්

වුෂූ ක්‍රීඩක තරිඳුගෙන් රන් පදක්කමක්

editorial - 2019 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වුෂූ ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනාගැනීමට තරිඳු නාමල් අද (4 වැනිදා) සමත් විය. පිරිමි තාඔලු ඉසව්වේ තායිජි ජියෑන් කාණ්ඩය යටතේ තරග වැඳුණ නාමල් එහිදී ලකුණු 18.90 ක් ලබාගනිමින් රන් පදක්කමට හිමිකම් කීවේය.

ලකුණු 18.74 ක් ලබාගත් ඉන්දියාවේ ගයන්දාෂ් සිං එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර නේපාලයේ හරි ප්‍රසාල් එහි ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ලකුණු 18.49 ක් ලබාගනිමිනි.

එම පදක්කමට අමතරව ශ්‍රී ලංකාවට වුෂූ ක්‍රීඩාවෙන් තවත් රිදී පදක්කමක් දිනා දීමට කාන්තා තාඔලු ඉසව්වේ චන් කුවාන් කාණ්ඩය යටතේ තරග වැඳුණ පී.එච්.ජී. වත්සලා (ලකුණු 8.55) සමත් වූවාය. එම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ ලකුණු 9.44 ක් ලබාගත් නේපාල ක්‍රීඩිකා සුෂ්මිතා තමන් විසිනි.

-036


අදහස් (0)

වුෂූ ක්‍රීඩක තරිඳුගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.