Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බ්ලූස්ටාර් අපරාජිතව පෙරමුණට

බ්ලූස්ටාර් අපරාජිතව පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ හත්වැනි අදියරේ තරග හෙට සහ අනිද්දා (1 සහ 2) පැවැත්වීමට නියමිතව තිබියදී කළුතර බ්ලුස්ටාර්ස් ක්‍රීඩකයෝ තරගාවලියේ  ප්‍රධාන ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ අපරාජිතව පසුවෙමිනි. ඒ ප්‍රසාද ලකුණු 13ක් ලබමිණි.
 
පසුගිය වසරේ ශූරතාව දිනාගත් කොළඹ කණ්ඩායම ඒ වනවිට තරග තුනකට පමණක් සහභාගිවී ප්‍රසාද ලකුණු 9ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවූ අතර පසුගිය තරගාවලිය ප්‍රසාද ලකුණු සටහනේ මුල් පෙළේ ස්ථානවල පසුවූ කණ්ඩායම් ගණනාවක්ම මෙවර තරගාවලිය ආරම්භයේදීම පසුබෑමකට ලක්වීම කැපී පෙනේ.

හෙට පස්වරුවේදී එෆ්. ඒ. කුසලාන අවසන් මහ තරගයට සහභාගි වන සෝන්ඩර්ස් කණ්ඩායම 14 වන ස්ථානයේ පසුවන අතර වසර 2013 දී ශූරතාව දිනාගත් මීගමුව යූත් කණ්ඩායම එතෙක් තරග හතරකට සහභාගිවී සිටියදී 16 වැනි ස්ථානය තෙක් පල්ලම් බැස ගොස් සිටියි.

පසුගිය වසරේ එෆ්. ඒ. කුසලාන අනුශූරයන් වූ ජාවාලේන් කණ්ඩායම ශූරයන්ගේ තරගාවලියේ අවසන් (18 වැනි) ස්ථානයට පත්ව තිබෙන්නේ එතෙක් සහභාගි වූ තරග පහෙන් හතරක්ම පරාජයට පත්වෙමිනි. ඒ අතර පසුගිය ශූරයන්ගේ තරගාවලිය තෙවැනි ස්ථානය ලද වෙන්නප්පු නිව් යන්ග්ස්  කණ්ඩායම අනුරාධපුරය පොලිස් කණ්ඩායම හමුවේ ලද පරාජයෙන් ප්‍රසාද ලකුණු සටහනේ 12 වැනි ස්ථානය තෙක් පහළ වැටී තිබේ.

ඒකලදී පැවැති ගුවන් හමුදා පෙලිකන්ස් අතර තරගය තියුණු මුහුණුවරක් හමුවේ නිමාවට පත්වූයේ ගෝල 2-2 කට ජය පරාජයෙන් තොරවය. එහිදී ගුවන් හමුදා ක්‍රීඩක ලක්මාල් ගුණතිලකගේ නීති විරෝධී හැසිරීම හමුවේ  විනිසුරු රතුපාට කාඞ්පත පෙන්වා සිටියෙන් පිටමං කරනු ලැබීය.


අදහස් (0)

බ්ලූස්ටාර් අපරාජිතව පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.