Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිහිනුම් තටාක සියල්ලම වසා දමන්න නියෝග

පිහිනුම් තටාක සියල්ලම වසා දමන්න නියෝග

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

------------------
නාමල් පතිරගේ
------------------

දිවයිනේ සියලු පිහිනුම් තටාක වසා දැමීමට නියම කර ඇති ක්‍රීඩා අමාත්‍යාංශය, සූදානම් කර තිබූ සියලු ක්‍රීඩා උත්සව අත්හිටුවන ලෙසත් තරග සංවිධායකයන්ට ඊයේ (28) උපදෙස් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකට පිළිතුරු දුන් ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසුවේ දැනට පවත්වාගෙන යන ක්‍රීඩා පුහුණු සංචිත නිරෝධායන නීති රීති යටතේ පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නැති බවයි.  

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘ලංකාදීප’යට පැවසුවේ ගෘහස්ථ ක්‍රීඩාංගනවල කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නැතත් එහි ජනතාවට රැස්විය හැක්කේ මුළු ධාරිතාවයෙන් 50 % ක් පමණක් බවයි.

මේ අතර ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සභාපති ලාල් ඒකනායක මහතා පවසන්නේ පිහිනුම් තටාක වැසීමට ගත් තීරණය ඵලදායී නොවන ක්‍රියාවක් බවයි.
 “කොවිඩ් වසංගතය තුළ පිහිනුම් ක්‍රීඩාව ගැනිය හැක්කේ අවම අවදානමක් පවතින ක්‍රීඩා ඉසව්වක් හැටියටයි. පිහිනුම් තටාකවලින් කොවිඩ් උවදුර ව්‍යාප්ත වෙනවා කියලා තහවුරු වෙලා නෑ. එහෙම නම් ඊට වඩා අවදානමක් ගෘහස්ථ ක්‍රීඩාංගනයක හෝ ශරීර සුවතා මධ්‍යස්ථානයක ඇතුළේ තිබිය හැකියි“ යයි ද වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසීය.

“සෞඛ්‍ය අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව සකස් කළ කොවිඩ් මාර්ගෝපදේශයට අනුවත් පිහිනුම් තටාක අවම අවදානමක් සහිත ස්ථාන ලෙසයි සලකන්නේ. ඒ නිසා ඒවා වසා දමන්න අපි උපදෙස් දීලා නෑ....“

“පිහිනුම් තටාකයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැසිරිය යුත්තේ කොහොමද කියන්නත් අපි මාර්ගෝපදේශයක් ලබාදීලා තිබෙනවා. ඒ විදියට පිහිනුම් තටාකයක ක්‍රීඩාව කිරීමෙන් අවදානම අවම කරගත හැකියි. අපි කියන්නේ ගෘහස්ථ ක්‍රීඩාංගනයක හෝ ශාරීරික සුවතා මධ්‍යස්ථානයක කටයුතු පවත්වාගෙන යන්න පුළුවන් නම් පිහිනුම් තටාකයක කටයුතු පවත්වාගෙන යාමේ බාධාවක් නෑ කියන එකයි.” යයි ද වෛද්‍ය ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

පිහිනුම් තටාක සියල්ලම වසා දමන්න නියෝග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.