Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළාත් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12 ක්

පළාත් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12 ක්

editorial - 2021 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවයන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීමේ අරමුණින් සියළුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරකවරුන් 12 දෙනකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
 
දිස්ත්‍රික් හා පළාත් ආවරණය වන පරිදි සියලුම වයස් කාණ්ඩ යටතේ වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත සොයා දීම එම සම්බන්ධිකාරකවරුන්ගේ ප්‍රධාන වගකීම වනු ඇත. ඒ අනුව ඔවුන් දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම්, පාසල් පුහුණුකරුවන්, ක්‍රිකට් භාර ආචාර්යවරුන් සහ විදුහල්පතිවරුන් සමඟ කටයුතු කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සැඟවී තිබෙන දක්ෂතා හඳුනා ගනිමින් තරුණ මට්ටමේ වැඩසටහන් හරහා ජාතික තලය දක්වා රැගෙන එනු ඇත.

සම්බන්ධීකාරකවරුන් සිව් දෙනෙකුගෙන් 2017/2018 වසරේදී ආරම්භ වුණු මෙම වැඩසටහන යටතේ 2020 වන විට සම්බන්ධීකාරකවරුන් 6 දක්වා ඉහළ දැමීය. අනතුරුව දිවයිනේ සියළුම කළාප ආවරණය වන පරිදි සෙවීම් පුළුල් කිරීමේ අරමුණින් එම සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා සහ එහි ලේකම් කමල් ඉන්ද්‍රජිත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ එම සම්බන්ධීකාරකවරුන්ගේ පත්වීම් සහතික ඉකුත්දා ප්‍රදානය කරන ලදි.

පළාත් සම්බන්ධීකාරකවරු
මලික් කීර්ති ප්‍රනාන්දු මහතා (බස්නාහිර - පිටත), සමන් හෙට්ටිආරච්චි මහතා (බස්නාහිර -උතුර),  කනිෂ්ක පෙරේරා මහතා (බස්නාහිර -මධ්‍යම), ඩී.එම්. රාජරත්න මහතා (බස්නාහිර - දකුණ), සුරාජ් සංජීව මහතා (බස්නාහිර - දකුණ පිටත), ලීලානන්ද කුමාරසිරි මහතා (දකුණ), සිසිර වීරසිංහ මහතා (ඌව), ඉන්දික හෙට්ටිආරච්චි මහතා (නැගෙනහිර), නුවන් සමරනායක මහතා (මධ්‍යම), කීර්ති ගුණරත්න මහතා (උතුරු මැද), ඒ.එම්.ඒ.පී. අතපත්තු මහතා (වයඹ), වී. හජීපන් මහතා (උතුර)

- 2079


අදහස් (0)

පළාත් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.