Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ පැවැත්වීමේ අවසන් දිනය දෙමාසයකින් දීර්ඝ කරයි

නිලවරණ පැවැත්වීමේ අවසන් දිනය දෙමාසයකින් දීර්ඝ කරයි

යොහාන් භාසුර - 2020 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව පුරා පැතිර යමින් තිබෙන ‘කොරෝනා’ වෛරසය පිළිබඳව අවධානය යොමු කරමින් ජාතික ක්‍රීඩා සංගම්වල වාර්ෂික මහ සභා සහ නිලවරණ පැවැත්වීමේ අවසන් දිනය මාස දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ‘ලංකාදීප’යට පැවසීය.


මෙම දීර්ඝ කිරීමත් සමඟ සියලු ජාතික ක්‍රීඩා සංගම්වල වාර්ෂික මහ සභා සහ නිලවරණ ලබන ජූලි මස 30 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට අවස්ථාව ලැබේ. ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්විය යුතු බවට මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශය සියලුම ක්‍රීඩා සංගම්වලට දැනුම්දී තිබුණි.


“වර්තමාන තත්ත්වය අනුව මැයි 31 කට පෙර ක්‍රීඩා සංගම්වලට නිලවරණ පවත්වන්න බෑ. ඒක පැහැදිළියි. ඒ නිසා අපි ඒ දිනය දීර්ඝ කිරීමට කටයුතු කළා” යැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් රුවන්චන්ද්‍ර මහතා වැඩි දුරත් පැවසීය.


ක්‍රීඩා අමාත්‍යංශ යටතේ ජාතික ක්‍රීඩා සංගම් 70 ක් ලියාපදිංචිව ඇති අතර ඉන් ශ්‍රී ලංකා ශාරීරික යෝග්‍යතා (කායවර්ධන) සහ ජාතික සවි එසවීමේ යන සංගම් දෙක අතුරු කමිටු යටතේ පාලනය වේ. ජාතික මේසපන්දු සංගමය ඇතු`ඵ සංගම් කීපයක් පමණක් නිලවරණ මේ වන විට පත්වා තිබේ.


කෙසේ වෙතත් ක්‍රීඩා සංගම් 50 කට අධික සංඛ්‍යාවක නිලවරණ පැවැත්වීමට නියමිතව තිබේ.

 


අදහස් (0)

නිලවරණ පැවැත්වීමේ අවසන් දිනය දෙමාසයකින් දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.