Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිමුත් - දික්වැල්ල තුවාල ලබති

දිමුත් - දික්වැල්ල තුවාල ලබති

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල තුවාල ලබා සිටිති.

වම් පාදයේ කලවයේ පසුපස මස්පිඬුව ඉරීයාම හේතුවෙන් දිමුත් කරුණාරත්නට නවසීලන්ත ඉනිමේදී ක්‍රීඩාගාරයට වී සිටින්නට සිදුවිය. නවසීලන්ත ඉනිමේ වැඩි කොටසකදී ඇන්ජලෝ මැතිව්ස් විසින් කණ්ඩායම මෙහෙයවන ලදි.

කරුණාරත්න වෙනුවට අතිරේක ක්‍රීඩකයන් වන ඕෂධ ප්‍රනාන්දු සහ අකිල ධනංජය වරින් වර පන්දු රැකීමේ නිරත වූහ. නවසීලන්ත ඉනිමේදී ක්‍රීඩාගාරයට වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව දිමුත්ට නොලැබෙන අතර ඔහුට පිටියට පැමිණීමට සිදුවන්නේ අංක 7 හෝ ඉන් පසුව එන පිතිකරුවකු ලෙසිනි.

ළහිරු කුමාරගේ පන්දුවක් රැකගැනීමට යාමේදී වම් අතේ සුළැඟිල්ල තුවාල කරගත් නිරෝෂන් දික්වැල්ල වෙනුවට අතිරේක ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමේ නිරත විය.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ උපනායකයා ලෙසින් ද නම්කරනු ලැබ සිටින දික්වැල්ල සමග අවදානමකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් නොවේ.

 


අදහස් (1)

දිමුත් - දික්වැල්ල තුවාල ලබති
  • lalithm Monday, 26 August 2019 03:43 AM

    චන්දිමාල්ව ආයෙත් ගේන්න වෙයි වගේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.