Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු අප්‍රිකාව - අර්ජන්ටිනාව පහසු ජය ලබති

දකුණු අප්‍රිකාව - අර්ජන්ටිනාව පහසු ජය ලබති

editorial - 2019 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගාවලියේ සිය පළමු වැනි ජයග්‍රහණ වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සහ ආර්ජටිනාව සමත් වූහ.

‘බී’ කාණ්ඩයේ තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 57-3 කින් නැමීබියාව පරාජය කළේය. ‘සී’ කාණ්ඩයේ තරගයේදී ලකුණු 28-12 කින් ආර්ජන්ටිනාව විසින් ටොන්ගෝ රාජ්‍ය පරාජය කරන ලදි.

දකුණු අප්‍රිකාව තරග දෙකකින් තරගයක් ලබා ප්‍රසාද ලකුණු 5 ක් ලබා ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටියි. ආර්ජන්ටිනාව මේ වන විට තරග දෙකකදී තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක්  සමගින් ‘සී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

දකුණු අප්‍රිකාව ලැබූ මෙම ජයග්‍රහණය මෙවර තරගාවලියේ මේ දක්වා ලැබූ විශාලතම ජයග්‍රහණය වේ. එහිදී දකුණු අප්‍රිකානු පිල ගෝල හයකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු රැස්කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය. නැමීබියාව දඩුවම් පහරක් පමණක් සාර්ථක කළේය.

ආජන්ටිනාව ගෝල හතරකින් ලකුණු 28 රැස්කිරීමෙන් අතිරේක ප්‍රසාද ලකුණ හිමිවිය. එහිදී ආජන්ටිනාව වෙනුවෙන් හුකර් ක්‍රීඩක ජූලියන් මොන්ටෝයා උත්සාහක දිනුම් තුනක් සම්පූර්ණ කිරීමට සමත් විය.  

 

- 048


අදහස් (0)

දකුණු අප්‍රිකාව - අර්ජන්ටිනාව පහසු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.