Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම්යළි ඇරඹෙයි

ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම්යළි ඇරඹෙයි

editorial - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දෙවැනි කොවිඩ් රැල්ල රට තුළ පැන නැගීම හමුවේ අත්හිටුවීමට සිදුවූ ජාතික පාපන්දු සංචිතයේ දෙවැනි වටයේ පුහුණුවීම් පසුගිය සෙනසුරාදා (30 වැනිදා) සිට ආරම්භ විය.  ඒ සඳහා කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයට කැඳ වූ ක්‍රීඩකයන්ගේ කොවිඩ් ප්‍රතිදේහ (පී.සී.ආර්.) පරීක්ෂාවෙන් සංචිතයේ සියලුම ක්‍රීඩකයෝ සමත් ව සිටින බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

මෙවර ජාතික සංචිතයේ නේවාසික පුහුණුවීම් ලබා පෙබරවාරි 7 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  පළමු ලංකා ලිග් පාපන්දු තරගාවලියට සුදානම් වීම සඳහා ලබන පෙබරවාරි 7 වැනිදා සංචිතයෙන් ක්‍රීඩකයන් තාවකාලිකව නිදහස් කෙරේ.  කෙසේ වුවත් පෙබරවාරි 18 වැනිදා ආරම්භ කෙරෙන තරගාවලියේ පෙර සූදානම් (පුහුණු) තරග වටයෙන් පසුව නැවැත සංචිතයේ නේවාසික පුහුණුවීම් පවත්වාගෙන යාමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ලබන මාර්තු 25 වැනිදා සිට ලෝක කුසලාන (2022 – කටාර්) පූර්ව සුදුසුකම් ඉතිරි තරග තුනකට සහභාගිවීම ඉලක්ක කරමින් ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් නැවැත ආරම්භ කර තිබේ.

මේ අතර කොළඹ ක්‍රීඩා සමාජයේ අහමඩ් ෂාෆි සිය කැමැත්තෙන්ම ජාතික සංචිතයෙන් ඉවත්වී තිබේ. එම ස්ථානයට ජාවා ලේන් ක්‍රීඩා සමාජයේ රිස්කාන් ෆයිසර් කැඳවා තිබේ.


ජාතික පාපන්දු පුහුණු සංචිතය
සුජාන් පෙරේරා (අප් කන්ට්‍රි ලෑන්ඩ්), ප්‍රභාත් රුවන් අරුණසිරි (බ්ලු ඊගල්ස්), ආර්.පී. ධනුෂ්ක (නිව් ස්ටාර්), නුවන් ගිම්හාන (සෝන්ඩර්ස්), වලන චමීර (කොළඹ), අබ්දුල් බසීන් (කොළඹ), මධුෂාන් ප්‍රනාන්දු (බ්ලු ඊගල්ස්), ජූඩ් සුපුන් (රිනවුන්), චරිත රත්නායක (කොළඹ), චමෝද් ඩිල්ෂාන් (සෝන්ඩර්ස්), රිස්කාන් ෆයිසර් (ජාවා ලේන්), අසීතුර් රහුමාන් (යුද හමුදා ඩිෆෙන්ඩර්ස්), සබීර් රහුනියා (කොළඹ), එන්.සී.එන්. රහමන් (රෙඩ් ස්ටාර්), යූ.එස්.ටී. ධනුෂ්ක (නිව් යංග්ස්), සර්මාන් ජොහාර් (කොළඹ), කවිඳු ඉෂාන් (අෆ් කන්ට්‍රි ලයන්ස්), එස්.ඩී. විජේසිංහ (රෙඩ් ස්ටාර්), අසේල මධුෂාන් (නාවික හමුදා සී. ෆෝක්ස්), රිෆ්තාන් මොහොමඩ් (පොලිස්), මොහොමඩ් නස්මීර් (නාවික හමුදා සී ෆෝක්ස්), හර්ෂ ප්‍රනාන්දු (බ්ලු ඊගල්ස්)


අදහස් (0)

ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම්යළි ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.