Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොලින්ස් වීනස්ගේ ගමන නතර කරයි

කොලින්ස් වීනස්ගේ ගමන නතර කරයි

editorial - 2019 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2017 වසරෙන් පසුව පළමු වරට ආසියාවේ තරග සංචාරයක නිරතවූ වීනස් විලියම්ගේ ගමන කෙටි කරමින් වුහාන් විවෘත තරගාවලියේ පළමු වටය 7-5 සහ 7-6 (7-5) ක් ලෙස ජයගැනීමට ඇමෙරිකානු ඩැනියෙල් කොලින්ස් සමත් වූවාය.

39 හැවිරිදි විලියම්ස් 2015 වසරේදී වුහාන් විවෘත තරගාවලියේ ශූරිය බවට පත්වූ අතර මේ වනවිට අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් අතරේ 59 වැනි ස්ථානයේ පසුවන්නීය. පළමු භාගයේදී පෙරමුණගත් විලියම්ස්, කොලින්ස්ට පරාජය වීමට පෙර චීනයේදි සිය වෘත්තීය දිවියේ දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුවාය.

ශ්‍රේණිගත කිරීම්හි 35 වැනි ස්ථානයේ සිටින කොලින්ස් ආරම්භයේදී 3-5 ක් ලෙස පසු පසින් සිටියද පිට පිට වට 9 ක් ජයගනිමින් 7-5 ක් සහ 5-0 ක් ලෙස ඉදිරියට ගියාය.

මේ වසරේ වුහාන් විවෘත තරගාවලිය සඳහා වීනස් විලියම් ඉදිරිපත් වූයේ සුදුසුකම් නොලත් කාණ්ඩය (වයිල්ඞ් කාර්ඞ්) යටතේය.

...


අදහස් (0)

කොලින්ස් වීනස්ගේ ගමන නතර කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.