Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොදෙව් පිල එංගලන්තයට එයි

කොදෙව් පිල එංගලන්තයට එයි

editorial - 2020 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතයෙන් පසුව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්තයට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායක ජේසන් හෝල්ඩර් පැවසූයේ එය ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැවැන්ත පියවරක් බවයි. ටෙස්ට් තරග තුනකට සහභාගි වීම සඳහා කොදෙව් පිල ඊයේ (9 වැනිදා) එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරට පැමිණියේය.

මාස ගණනාවක් තිස්සේ රූපවාහිනිය ඔස්සේ පැරණි ක්‍රිකට් තරග නරඹමින් කල්ගත කළ ක්‍රිකට් ලෝලීන්ට දැන් සජීවී තරගාවලියක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකිය.

“ඒක හරිම භයංකාර ගමනක්. මා හිතන්නේ සමස්ත ක්‍රිකට් ලෝකයම ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි” යයි කොදෙව් පිල එංගලන්තයේ සංචාරය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් පැවසීය.

එංගලන්තය සහ කොදෙව් පිල අතර ටෙස්ට් තරගාවලිය ජූලි මස 8 වැනිදා ආරම්භ වන අතර මෙම තරග තුනම සදම්ප්ටන් සහ මැන්චෙස්ටර් නුවරදී පැවැත්වේ. තරගාවලිය ආරම්භ වන තෙක් කොදෙව් පිල මැන්චෙස්ටර් නුවර ‘හිල්ටන් ගාර්ඞ්න් ඉන්’  හෝටලයේ නවාතැන්ගෙන සිටිනු ඇත. තරග තුනේදීම ක්‍රිකට් ලෝලීන්ට ක්‍රීඩාංගණයට පිවිසීමට අවසර නොලැබෙනු ඇත.

 

- 213


අදහස් (0)

කොදෙව් පිල එංගලන්තයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.