Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කොවිඩ් 19’ අවදානමෙන් පසුව තෝරාගත් පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට අවසර ලැබුණ ද එම කිසිඳු ක්‍රීඩාවක සමස්ත ලංකා තරගාවලි සංවිධාන කිරීම මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා තහනම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ දයා බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
සෞඛ්‍ය නිර්දේශ අනුව අවසර ලැබී ඇති ක්‍රීඩාවල පාසල් සංගම්වලට ලබන නොවැම්බර් මස 6 වැනිදායින් පසුව දින දෙක තුනක තරගාවලි සංවිධානය හැකි බව බණ්ඩාර මහතා පවසයි.
“අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය නිර්දේශ අනුව ඇතැම් ක්‍රීඩා අත්හිටුවා තිබෙනවා. ඒ වගේම කලා, වාණිජ, කථික ආදි විෂය බාහිර සමස්ත ලංකා තරගාවලිත් අත්හිටුවා තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ අවසර ලැබී ඇති ක්‍රීඩාවල සමස්ත ලංකා තරගාවලි පැවැත්වුවහොත් එය පිරිසකට අසාධාරණයක් බවට පත්වෙනවා”
“විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබීමේදී සමස්ත ලංකා සහතිකයට ලකුණු ලැබෙනවා. ඇතැම් ක්‍රීඩාවල සමස්ත ලංකා තරගාවලි පැවැත්වුවහොත් දරුවන් පිරිසකට පමණක් අගතියක් වෙන්න පුළුවන්. ඇතැම් දරුවන් අධිකරණයට යන්න පවා වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අවධානය යොමු කරලා සමස්ත ලංකා තරගාවලි තහනම දෙසැම්බර් මස දක්වා බලපැවැත්වෙනවා” යැයි දයා බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.
උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 6 වැනිදා අවසන් වන අතර ඉන් අනතුරුව තරගාවලි සංවිධානය කළ හැකි අතර අවසර ලැබී ඇති ක්‍රීඩාවලට පුහුණුවීම් සඳහා බාධාවක් නොමැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.