Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර පිට පිටම 8 වැනි ජය ලබයි

මහනුවර පිට පිටම 8 වැනි ජය ලබයි

යොහාන් භාසුර - 2020 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2019-2020) දෙවැනි වටයේ පළමු තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 55-8 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට අද (25) පස්වරුවේ සමත් වූහ.

මෙය මහනුවර පිල මෙවර තරගාවලියේ පිට පිටම ලැබූ අටවැනි ජයග්‍රහණය වේ.  

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී මහනුවර පිල ගෝල 6 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය.

මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-3 ක් ලෙස ලකුණු නවයකින් පමණක් පෙරමුණේ පසුවිය.  

ලවන්ග පෙරේරා 15 වැනි මිනිත්තුවේදී මහනුවර පිලට පළමු උත්සාහක දිනුම එකතු කළ අතර තරින්ද රත්වත්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 7-0 ක් බවට පත්විය.

ගයන්ත ඉද්දමල්ගොඩ 18 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදා පිලට දඩුවම් පහරකින් එකතු කළ ලකුණු තුනත් සමඟ ලකුණු පුවරුව 7-3 ක් බවට පරිවර්ථනය විය.

කවිඳු පෙරේරා 25 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 12 ක් බවට පත්විය.  

දෙවැනි අර්ධයේ තුන්වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ සයුරු ඇන්තනී, ගුවන් හමුදා ගෝල සීමාව ආක්‍රමණය කළේය. එහි ගෝල ප්‍රවර්ථනය තරින්ද රත්වත්ත සාර්ථක කිරීමෙන් ලකුණු තත්ත්වය 19-3 ක් බවට පත්විය.

ජේසන් දිසානායක සමස්ත තරගයේ 46 වැනි මිනිත්තුවේදී මහනුවර පිල ඉදිරියෙන් සිවුවැනි උත්සාහක දිනුම සටහන් කළේය. තරින්ද එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් අතිරේක ලකුණු එකතු කළේය.

ඒ අනුව මිනිත්තු තුනක් තුළ ලකුණු 14 ක් එකතු වීමෙන් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළ නැංවිණි.

යොහාන් පෙරේරා 51 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදා පිලට පළමු උත්සාහක දිනුම එකතු කළ අතර ඒ අනුව ලකුණු පුවරුව 26-8 ක් බවට පත්විය.

මහනුවර පිලට 56 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර අවස්ථාව තරින්ද රත්වත්ත සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ ගියේය.

මහනුවර ක්‍රීඩකයෝ 64 වැනි මිනිත්තුවේ සිට 77 වැනි මිනිත්තුව දක්වා කාලයේදී ගෝල තුනකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 26 ක් රැස්කමින් මෙම දැවැන්ත ජයග්‍රහණය ලැබීමට සමත් වූහ.


අදහස් (0)

මහනුවර පිට පිටම 8 වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.