Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බිරින්ඳෑවරුන් ගෙනයන්න ඉන්දියාවෙන් ඉල්ලීමක්

බිරින්ඳෑවරුන් ගෙනයන්න ඉන්දියාවෙන් ඉල්ලීමක්

editorial - 2020 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
කොරෝනා වයිරසයෙන් බැට කෑ 2020 වසරේ විශාලතම ක්‍රිකට් තරඟාවලිය වන ඉන්දියානුවන්ගේ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩකයන් සමඟ පවුල්වල සාමාජිකයන්ට ගමන් කිරීමට ඉඩ දෙන්නයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටී. මෙම යෝජනාව තවමත් සාකච්ඡා මට්ටමේ පවතින අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.

තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 27 වැනිදා සිඞ්නි නුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එය එක්දින අන්තර්ජාතික තරග 4 කින් පළමුවැන්න වේ. අයි.පී.එල්. 13 වැනි තරගාවලියේ අවසන් තරඟය නොවැම්බර් 10 වැනිදා පැවැත්වෙන අතර ඉන් පසුව ඉන්දීය කණ්ඩායම සිඞ්නි නුවර බලා පිටත්ව යන්නේය. එහිදී නිරෝධායනය වීම සඳහා ඉන්දීය කණ්ඩායම අවසර ලබාගෙන ඇති අතර ලබන වසරේ ජනවාරි 15 දා බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිත සිවුවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉන්දියානුවන්ගේ ඕස්ට්‍රේලියානු සංචාරය අවසන්වේ.

මේ වන විට සකස් කර ඇති තරග කාලසටහනට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය එකඟ වී ඇත. කෙසේවෙතත්, ක්‍රීඩකයන් සමඟ පවුලේ සාමාජිකයන්ට ගමන් කිරීමට ඉඩ සැලසීමේ අපේක්ෂාව සම්බන්ධයෙන් මෙම ආයතන දෙක එකිනෙකට වෙනස් අදහස් දරයි.

ජෛව බුබුලේ සංවේදීතාව සහ පවිත්‍රතාව සැලකිල්ලට ගනිමින් ක්‍රීඩකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ක්‍රීඩකයන් සමගින් ගමන් කිරීම තහනම් කරන ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ. නමුත් ක්‍රීඩකයන් දීර්ඝ කාලසීමාවක් බුබුලේ රැඳී සිටින බැවින් අවම වශයෙන් යම් කාලයක් සඳහා ඔවුන්ට ඕස්ට්‍රේලියාවේදී පවුලේ සාමාජිකයන් සමඟ සිටිය හැකි නම් එය ඔවුන්ගේ උනන්දුව වැඩි කිරීමට හේතුවනු ඇති බවත් මෙම ගැටලුව ඉක්මනින් විසදෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරියකු ‘ද හින්දු’ පුවත්පතට පවසා තිබේ.

අයි.පී.එල්. තරගාවලියේදීත් පවුලේ සාමාජිකයන්ට ක්‍රීඩකයන් සමඟ යාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විසින් අවසර දී නොතිබුණි. නමුත් අනුෂ්කා ෂර්මා සහ රිතිකා සජ්දේ තම ස්වාමිපුරුෂයන් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය අය අතර, ශක්ෂි දෝනි (එම්.එස්. දෝනිගේ බිරිඳ) ඉන්දියාවේ රංචි නුවරදී රැඳී සිටියාය.
 
- 2079

 


අදහස් (0)

බිරින්ඳෑවරුන් ගෙනයන්න ඉන්දියාවෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.