Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පීඩාවට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය

පීඩාවට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය

editorial - 2020 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහය යටතේ සහයෝගය දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුවේ මලල ක්‍රීඩා කමිටුව මේ වන විට පියවර ගෙන ති‍බේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අඩු ආදායම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැයි අදාළ ජාතික ක්‍රීඩා සම්මේලන සහ මලල ක්‍රීඩා කමිටුව විසින් තහවුරු කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෛනික අවශ්‍යතා, පුහුණුවීම් සහ පෝෂණය සඳහා ඉදිරි මාස දෙකක කාලය සඳහා අනුග්‍රහය දැක්වීමට ඔලිම්පික් කමිටුව කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය තුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

ඒ අනුව ක්‍රීඩා සම්මේලන හරහා තෝරාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අදාල වවුචර්පත් පසුගියදා ඔලිම්පික් නිවහනේදී බෙදා දෙන ලදි.  


-036


අදහස් (0)

පීඩාවට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.