Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි සම්මේලනයේ උපසභාපති ඉල්ලා අස්වෙයි

පාපැදි සම්මේලනයේ උපසභාපති ඉල්ලා අස්වෙයි

editorial - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උප සභාපති නිශාන්ත පියසේන මහතා එම ධුරයෙන් පසුගිය සිකුරාදා (14) සිට ඉල්ලා අස්වී තිබේ. නීතිගරුක පුරවැසියකු ලෙස පාපැදි සම්මේලනයේ වත්මන් පාලනය තුළ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බැවින් තමන් එහි උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පියසේන මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා වෙත ලිපියක් යොමු කළ බව ද පියසේන මහතා පවසා සිටියි.

එම ඉල්ලා අස්වීමේ ලිපියේ පිටපත් ක්‍රීඩා ඇමැති, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ජාතික ඔලිම්පික් කමිටුවට ද යොමු කර තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපියේ පියසේන මහතා ප්‍රධාන කරුණු දෙකක් දක්වා තිබේ. 2018 වසරේ සිට මේ වන තෙක් ව්‍යවස්ථානුකූලව හා ක්‍රීඩා පනතට අනුකූලව වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීමට සම්මේලනයේ වත්මන් පාලනය අපොහොසත්වීම, 2018 හා 2019 යන වසර සඳහා විගණනය කරන ලද ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම එම ප්‍රධාන කාරණා වේ.

ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඒ පිළිබඳව තමා කිහිප වරක්ම සම්මේලනයේ ප්‍රධානීන්ට දැනුම් දුන්නත් එය නොසලකා හරිමින් කටයුතු කර තිබෙන බවයි.

සිය ඉල්ලා අස්වීම ගැන ‘‘ලංකාදීප’’ය කළ විමසුමක දී නිශාන්ත පියසේන මහතා මෙසේ ද පැවසීය. ‘‘මේ වෙලාවේ මම පාපැදි සම්මේලනයටවත් එහි සභාපතිවරයාටවත් දොස් කියන්න සූදානම් නෑ. වත්මන් සභාපතිවරයාගේ ගෙවී යන පාලන කාලයේ දී සංවර්ධන වැඩකටයුතු රාශියකුත් ඉෂ්ට වුණා.

ඒ වගේම මට සම්මේලනයේ පැවරුණු සීමිත වැඩ කොටස සම්මේලනයේ ප්‍රධානීන්ගේ ප්‍රශංසාව ලබමින් ඉටු කරන්න මා සමත් වුණා.

සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයා විධායක සභාවේදී ගිණුම් වාර්තා ඉදිරිපත් නොකිරීම ගැන වගකීම් බාර ගන්නවා යයි කියමින් ප්‍රකාශ නිකුත් කළාට මේ ප්‍රශ්නය විස​ඳෙන්​ෙන නෑ. අඩු තරමින් ඔහුගේ යුතුකම විය යුත්තේ ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළ කාලසීමාවට අඩු තරමින් අයවැය වාර්තාවක් හෝ ගෙන ඒමයි.

මෙහෙම තත්ත්වයක් මත සම්මේලනයේ තවදුරටත් නිලධාරියකු ලෙස කටයුතු කිරීම තුළින් සාමාජිකත්වයෙන් ලැබිය හැකි චෝදනා හා අවලාදවලින් මිදිය හැකි එකම අවස්ථාව සම්මේලනයේ තනතුරෙන් ඉල්ලා අස්වීමයි. ඒ අනුව මම මෙම තීරණයට පැමිණියා.’’


අදහස් (0)

පාපැදි සම්මේලනයේ උපසභාපති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.