Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සංචිතයේ පුහුණුවීම් ජනවාරි 8 දා සිට

පාපන්දු සංචිතයේ පුහුණුවීම් ජනවාරි 8 දා සිට

නාමල් පතිරගේ - 2020 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ මාර්ගෝපදේශ ලබා ගනිමින් ලබන ජනවාරි 8 වැනිදා සිට ජාතික පාපන්දු සංචිතයේ යළි ක්‍රියාකාරකම් ඇරඹීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සුදානම් වේ.

දෙවැනි කොවිඩ් රැල්ලක අනතුර රට තුළ උද්ගතවීමත් සමග පාපන්දු සම්මේලනයේ එතෙක් පවත්වාගෙන ආ සියලු ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය. ඒ අනුව ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් ආසන්න වශයෙන් අත්හිටුවීමට පියවර ගත්තේ පසුගිය අගෝස්තු අග භාගයේදී පමණය.

ජාතික පාපන්දු පුහුණු සංචිතයේ ක්‍රියාකාරකම් බල ගැන්වීම මේ වනවිට ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවට පත්ව ඇතැයි පාපන්දු සම්මේලනය අවධාරණය කරයි. ඒ වසර 2021 මාර්තු මාසයේදී යළි ඇරඹෙන වසර 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයේ තවත් ඉතිරිව තිබෙන තරග දෙකකට ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිතව බැවිනි.

ගෝලීය කොවිඩ් වසන්ගත තත්ත්වයෙන් පසුව ලෝක පාපන්දු සමුළුව කළ තරග කාලසටහනත් සංශෝධනය අනුව ලබන මාර්තු 26 වැනිදා සිට එම තරග තුන පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  ඒ අනුව උතුරු කොරියාව සමග මාර්තු 26 වැනිදාද, දකුණු කොරියාව සමග මාර්තු 31 වැනිදා කොළඹදී ද හා ලෙබනනය සමග ජූනි 4 වැනිදා  ලෙබනනයේදීද මෙම තරග තුන පැවැත්වේ.

කෙසේ වුවත් එම රටවල්  තුන සමග පැවැති මූලික වටයේ පළමු තරග දෙකද ඇතුළුව ශ්‍රී ලංකාව ලෝක කුසලාන (2022) ආසියානු කලාප දෙවෙනි වටයේ මෙතෙක් සහභාගි වූ සියලු තරග වලින් පරාජයවීම හේතුවෙන් ලෝක කුසලාන (2022) තරගාවලියේ ඉදිරියට යාමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට නොමැත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවසුවේ ජාතික සංචිතයේ පුහුණුවීම් නව ආරකින් යළිත් ඇරඹීම සඳහා තාක්ෂණික කමිටුව පුහුණුකරු අමීර් ඇලජිත් මහතා සමග නව සැලසුම් කීපයක්ම පිළිබඳව සාකච්ඡා කළ බවයි.  අමීර් ඇලජික් මහතා පසුගිය පෙබරවාරි 15 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සේවය බාර ගත්තත් ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් ඔහුට මේ දක්වා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර තරගයකදී මෙහෙයවීමේ අවස්ථාව ලැබී නොමැත.  මේ වනවිට ඔහු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරයි.

ජාතික පාපන්දු සංචිතයේ කටයුතු යළි ආරම්භ කිරීමට සුදානම් වන අතර වාර්තා වූයේ එහි දැල් රකින ක්‍රීඩකයකු ඇතුළුව පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනකු කොරෝනා රෝගයට ගොදුරුවී ඇති බවයි. ඒ ඔවුන් සේවය කරන ආයතන වලදී ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණවලට අනුවය. කෙසේ වුවත් ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට එයින් බලපෑමක් නොවූයේ ඒ වනවිට ජාතික සංචිතයේ ක්‍රියාකාරකම් අත්හිටුවා තිබූ බැවිනි.


අදහස් (0)

පාපන්දු සංචිතයේ පුහුණුවීම් ජනවාරි 8 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.