Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නෙවිල් ද අල්විස් - රැල්ෆ් අලස් අනුස්මරණ පාපන්දු තරගය 25 දා තුරඟ තරග පිටියේදී

නෙවිල් ද අල්විස් - රැල්ෆ් අලස් අනුස්මරණ පාපන්දු තරගය 25 දා තුරඟ තරග පිටියේදී

යොහාන් භාසුර - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර නෙවිල් ද අල්විස් - රැල්ෆ් අලස් අනුස්මරණ කුසලාන දෙවැනි වාර්ෂික පාපන්දු තරගාවලිය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී මේ මස 25 වැනිදා පැවැත්වේ.

මෙම තරගාවලියේ ප්‍රධාන තරගය වන දෙවිදුහල් අතර වයස 20 න් පහළ බාලක තරගය එදින පස්වරු 6.30 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය. එම තරගයට සමගාමීව එදින පස්වරු 1.30 සිට දෙවිදුහල් අතර වයස 12 න් පහළ, වයස 14 න් පහළ සහ වයස 16 න් පහළ බාලක තරග පැවැත්වේ.

ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ කොළඹ ඕවසීස් ජාත්‍යන්තර පාසල් බාලිකා කණ්ඩායම් අතර ප්‍රදර්ශන පාපන්දු තරගයක්ද එදින පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය. මෙවර සාන්ත තෝමස් විදුහල් පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස ෂෙහාන් අමානිසන් ද, ගේට්වේ ජාත්‍යන්තර පාසල් පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස අරීබ් නියාස් ද, කටයුතු කරති.

නෙවිල් ද අල්විස් මහතා 1983 වසරේ සිට 1998 වසර දක්වා සාන්ත තෝමස් විදුහලේ පාලකවරයා ලෙස කටයුතු කළ අතර ඒ මහතා එම විදුහලේ 15 වැනි පාලකවරයාය. රැල්ෆ් අලස් මහතා කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ සහ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආරම්භක විදුහල්පතිවරයා වන අතර ඒ මහතා රාජ්‍ය අධ්‍යාපන ලේකම්වරයා ලෙස ද, කටයුතු කර තිබේ.

ගේට්වේ ජාත්‍යන්තර පාසල් වයස 20 න් පහළ පාපන්දු කණ්ඩායම

සාන්ත තෝමස් විදුහල් වයස 20 න් පහළ පාපන්දු කණ්ඩායම


අදහස් (0)

නෙවිල් ද අල්විස් - රැල්ෆ් අලස් අනුස්මරණ පාපන්දු තරගය 25 දා තුරඟ තරග පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.