Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්තය නියෝජනය කරන ශ්‍රී ලාංකික කරාටේ විනිසුරු ධම්මික

නවසීලන්තය නියෝජනය කරන ශ්‍රී ලාංකික කරාටේ විනිසුරු ධම්මික

editorial - 2020 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු වන ධම්මික ආරියරත්න මහතා මෙහෙයවන ‘ඕක්ලන්ඞ් කරාටේ දෝ වදෝ කායි’ සංගමය නවසීලන්ත කරාතේ සම්මේලනයේ අනුබද්ධ ලියාපදිංචි සංගමයක් බවට පත්වී තිබේ. එහි ප්‍රධාන උපදේශකවරයා වශයෙන් කටයුතු කරන ධම්මික මහතා නවසීලන්ත ක්‍රීඩා අමත්‍යංශය යටතේ ඇති නවසීලන්ත ජාතික කරාතේ සම්මේලනයේ සහතික ලත් ලියාපදිංචි පුහුණුකරුවෙකි.

අන්තර්ජාතික කරාතේ විනිසුරුවකු ලෙස නවසීලන්තය නියෝජනය කරන කරාටේ විනිසුරුවරුන් අතුරින් එකම ශ්‍රී ලංකිකයා ඔහුය. ආරියරත්න මහතා 2016 වසරේ සිට මේ දක්වා නවසිලන්ත කරාතේ පාලක මණ්ඩලයේ විනිසුරු සභාවේ ලේකම් වශයෙන්ද කටයුතු කරයි.

නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලංකීය දරු දැරියන් කරාතේ ක්‍රීඩාවෙන් ඉහලට ගෙන ඒමේ අරමුණින් 2009 වසරේදී ඕක්ලන්ඞ් නගරයේ වෙසෙන දරු දැරියන් කිහිපදෙනෙක් සමග ‘ඕක්ලන්ඞ් කරාටේ දෝ වදෝ කායි’ සංගමය ආරම්භ කෙරිණ. පසුගිය වසර 10 ක කාලය තුළදී නවසීලන්තයේ පළාත් සහ ජාතික මට්මටම්වල කරාතේ ශුරයන් බොහෝමයක් මෙම සංගමයෙන් බිහි කර තිබේ.

පුහුණුකරුවකු ලෙස වසර 30 කට අධික පළපුරුද්දක් සහ කළුපටි 5 වැනි ශ්‍රේණිය ලබා ඇති ධම්මික මහතා, 1978 වසරේදී කරාතේ පුහුණුව ආරම්භ කර ඇත්තේ කරාතේ ගුරුවරයෙකු වන ජයසිරි පෙරේරා මහතා යටතේය.

 

-036


අදහස් (1)

නවසීලන්තය නියෝජනය කරන ශ්‍රී ලාංකික කරාටේ විනිසුරු ධම්මික
  • ජයන්ත නානායක්කාර Saturday, 08 August 2020 01:04 PM

    අපේ ආඩම්බරය...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.