Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටී-කප් පාපැදි සවාරිය අවලංගු කරයි

ටී-කප් පාපැදි සවාරිය අවලංගු කරයි

නාමල් පතිරගේ - 2020 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සත්කාරය දරන අග්නිදිග ආසියාවේ  එකම ජාත්‍යන්තර වාර්ෂික පාපැදි තරගය වන ‘ටී-කප්’ පාපැදි සවාරිය (2020) අවලංගු කිරීමට අන්තර්ජාතික පාපැදි සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව පිට පිටම වසර දෙකක් මෙම ජාත්‍යන්තර පාපැදි සවාරිය අවලංගු කිරීමට සිදුව තිබේ.

පසුගිය වසරේදී එය අවලංගු කිරීමට සිදුවූයේ අප්‍රේල් මාසයේදී සිදුවූ පාස්කු ප්‍රහාරය හේතුවෙනි. මෙම වසරේදී එය අත්හැර දැමීමට සිදුව ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ මෙම වසරට නියමිත ‘ටී-කප්’ පාපැදි සවාරිය අවලංගු කිරීමත් සමග එය ලබන වසරේදී (2021) පැවැත්වීම සඳහා මේ වනවිටත් මූලික සාකච්ඡා  ආරම්භ කර තිබෙන බවයි. එය ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීම සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකාවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

මෙම වසරේදීත් ටී - කප් පාපැදි සවාරිය මැයි මාසයේ අග භාගයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණින් යුතුව වසර 2017 දී ආරම්භ කළ ‘ටී-කප්’ පාපැදි සවාරියට විදේශීය පාපැදි කණ්ඩායම් 40 කට ආසන්න පිරිසක් සහභාගි වේ.

ඒ සඳහා සත්කාරය දරන රට ලෙස ශ්‍රී ලංකාවෙන් පාපැදි කණ්ඩායම් තුනක් වසර 2020 තරගය සඳහා සූදානම් කර තිබුණි. රුපියල් මිලියන 22 කට ආසන්න වියදමක් දැරෙන ‘ටී-කප්’ පාපැදි සවාරියේදී ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් 25000කට ආසන්න මුදලක් ත්‍යාග ලෙස ප්‍රදානය කෙරේ.

‘ලංකා ස්පෝර්ට් රයිසන්’ ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සහයෝගයෙන් මෙම අන්තර්ජාතික පාපැදි සවාරිය සංවිධානය කෙරේ.

වසර 2018 දී ‘ටී-කප්’ පාපැදි සවාරිය කිලෝමීටර 350ක දුරකින් සමන්විතව තෙදිනක් පුරා මීගමුවේ සිට පාසිකුඩා දක්වා පැවැත්වුණි.

 


අදහස් (0)

ටී-කප් පාපැදි සවාරිය අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.