Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍යාංශය පොරොන්දු කඩ කිරීම ශ්‍රී ලංකාවේ තුරඟ (ධාවන) ක්‍රීඩාවේ දියුණුව අඩාල කර ඇතැයි ශ්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් සපිරූ මැටිල්ඩා කාල්සන් පිළිගනිමින් ඔලිම්පික් කමිටු ශ්‍රවනාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය ක්‍රීඩා ඉසව්ව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය දියගම ප්‍රදේශයෙන් ලබා දෙන බව පැවැසූ ඉඩම පොරොන්දුවූ ආකාරයට මෙතෙක් නොලැබුණු බවයි.
“ඒ සඳහා අඩුම තරමින් අපට අක්කර හය හතකවත් භූමියක් ලැබිය යුතුයි. ඒක තුරඟ ධාවන තරග සඳහා සංවර්ධනය කරන්න යන මුදල ලබා දෙන්න ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රතිඥා දීලා තිබෙනවා. මේ යන විදියට අපට ඔය කියන ඉඩම ලැබෙන එක ගැන විශ්වාස කරන්න අමාරුයි.” යයි සුරංජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ සඳහා යන අවම වියදම රුපියල් මිලියන 30 ක් පමණ වන බව ද ඔහු එහිදී පැවසීය.
සුරංජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.
“මැටිල්ඩා ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත් අසුන් පැන්නවීමේ ඉසව්ව පුහුණු කරන්න රටේ පහසුකම් ප්‍රමාණවත් නෑ. ඒ ඉසව්වට යොදාගන්න අශ්වයොත් අපට නෑ. යම් තරමක් හෝ ඒ පහසුකමක් තිබෙන්නේ දියතලාව යුදහමුදා සංකීර්ණය ආශ්‍රිතව පමණයි.
“අපට දියගමින් ඉඩමක් ලැබුණොත් ඒ සඳහා අවස්ථාව උදාකර ගන්න පුළුවන්. මැටිල්ඩාගේ ඔලිම්පික් සුදුසුකම එය අවස්ථාවක් කරගන්න ක්‍රීඩා අමාත්‍යාංශයට හැකිවේ යැයි අප විශ්වාස කරනවා.” යයි ද ප්‍රේමදාස මහතා පැවසීය.
ඉදිරියේදී ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳව විශ්වාසයෙන් සිය සම්මේලනය කටයුතු කරන බවත් විශේෂයෙන් අසුන් පැන්නවීමේ ඉසව්ව සඳහා මැටිල්ඩා කාල්සන් ශ්‍රී ලංකාවට අශ්වයන් ලබා දීම ඇතුළුව උපකාර රැසක් දීමට ප්‍රතිඥා දී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරමින් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.