Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් අධ්‍යක්‍ෂක මූඩි

ක්‍රිකට් අධ්‍යක්‍ෂක මූඩි

editorial - 2021 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් අධක්‍ෂවරයා ලෙසින් ටොම් මූඩි මහතා පත්කරනු ලැබ සිටී. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත නංවාලීම සඳහා පත්කරන ලද තාක්‍ෂණික කමිටුවේ නිර්දේශය මත ටොම් මූඩි මහතා මෙම තනතුරට පත්කර තිබේ.

මූඩි මහතාගේ සේවා කාලය හෙට (මාර්තු 01 වැනිදා) සිට වසර තුනකි. මෙම වසර තුන ඇතුළත ඔහු විසින් අනිවාර්ය පැවරුම් සහිත දින 300 ක කාලයක් සම්පූර්ණ කළ යුතුව තිබේ.

ඔහුගේ කාර්යයන් අතර ප්‍රධාන වන්නේ ඉදිරි තරග සංචාර විශ්ලේෂණය කිරීම, දේශීය ක්‍රිකට් තරගාවලි සන්දර්භය කෙරෙහි අවධානය යොමු කිරීම, ක්‍රීඩකයන්ගේ සුබසාධනය, ක්‍රීඩකයන්ගේ අධ්‍යාපනය සහ හැකියා වර්ධනය, පුහුණුකිරීම් සහ සහාය පුහුණුකරුවන්ගේ කාර්යභාරයන් කළමණාකරණය, උසස් දස්කම් මධ්‍යස්ථානයේ කටයුතු අධීක්‍ෂණය මෙන්ම ක්‍රීඩකයන්ගේ දත්ත කළමණාකරණයයි.

වසර 2005 සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ ටොම් මූඩි මහතා 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය දක්වාම ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියේය. එක දිගට පැවැති ලෝක කුසලාන තරගාවලි 5 ක අවසන් මහ තරග 5 ක් (2007 සිට 2014 දක්වා) ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නිර්මාණය කළ පුහුණුකරුවා වූයේද ටොම් මූඩි මහතාය.

 

- 213

 


අදහස් (0)

ක්‍රිකට් අධ්‍යක්‍ෂක මූඩි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.