අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර විද්‍යාලය සහ කළුතර සිරි කුරුස විදුහල අතර කළුතර තිස්ස විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 156 ක ජයක් අත්කර ගැනීමට කළුතර විද්‍යාලය සමත් විය.
එහිදී කළුතර විද්‍යාලයේ අවිෂ්ක ලක්ෂාන් (83 සහ 54) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර එම විදුහලේම කවිඳු ජයවික්‍රම ලකුණු 38 කට කඩුලු 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
කළුතර විද්‍යාලයීය පළමු ඉනිම - ඕවර 59 කදී සියලු දෙනා දැවී 217
(අවිෂ්ක ලක්ෂාන් 83, දිෂාර ප්‍රනාන්දු 36, විෂ්මික කොස්තා 27, ක්‍රිෂාන් විරන්ද 23, ආතිස් අස්ලි 19/3, දිල්ෂාන් මධුෂංක 47/3, දිල්හාර නානායක්කාර 53/2)
සිරි කුරුස විදුහල් පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 118
(අරෝෂ් භාග්‍ය 25, භාෂිත පෙරේරා 21, පැතුම් ප්‍රනාන්දු 20, කවිඳු ජයවික්‍රම 38/7, විෂ්මික කොස්තා 21/2)
කළුතර විද්‍යාලයීය දෙවැනි ඉනිම - ඕවර 39.1 කදී කඩුලු 7 ක් දැවී 145
(අවිෂ්ක ලක්ෂාන් 54, ප්‍රබොද් වනිගසිංහ 48, මිනිඳු සිල්වා 20, දිල්හාර නානායක්කාර 28/4, දිල්ෂාන් මධුෂංක 41/2)
සිරි කුරුස විදුහල් දෙවැනි ඉනිම - ඕවර 22.3 කදී සියලු දෙනා දැවී 88
(දිල්ෂාන් මධුෂංක 25, විෂ්මික කොස්තා 16/4, ක්‍රිෂාන් මිහිරංග 13/2, අවිෂ්ක ලක්ෂාන් 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.