Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරණ්දෙනිය මැදි විදුහලට ලකුණු 170 ක ජයක්

කරණ්දෙනිය මැදි විදුහලට ලකුණු 170 ක ජයක්

editorial - 2020 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කරණ්දෙනිය මැදි විදුහල සහ කෑගලු විද්‍යාලය අතර කෑගලු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 170  ක ජයක් අත්කර ගැනීමට කරණ්දෙනිය මැදි විදුහල සමත් විය.

එහිදී කරණ්දෙනිය මැදි විදුහලේ ජනෙත් කෞෂාල් ඉනිම් දෙකේදී ලකුණු 62 ක් සහ නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ අතර එම විදුහලේම මනීෂ මදුභාෂිත ලකුණු 64 කට කඩුලු 5 ක්ද, හංසමාන ද සිල්වා ලකුණු 43 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


කරණ්දෙනිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 60.3 කදී සියලු දෙනා දැවී 236
(ජනෙත් කෞෂාල් 62, දුමිඳු පසන් 45, නිර්මාල් යෂෝද් 36, හංසමාන ද සිල්වා 29, සනුද බණ්ඩාර 52/6)

කෑගලු විදුහල් පළමු ඉනිම - ඕවර 36.4 කදී සියලු දෙනා දැවී 93
(දස්සන ගම්ලත් 26, සනුද බණ්ඩාර 22, හංසමාන ද සිල්වා 43/5, සමිත් ඉසුරු 25/3)

කරණ්දෙනිය මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 29.1 කදී සියලු දෙනා දැවී 167
(ජනෙත් කෞෂාල් නොදැවී 43, හංසමාන ද සිල්වා 33, නිර්මාල් යෂෝද් 30, සමිත් ඉසුරු 21, කවිඳු ජයන්ත 41/4, සනුද බණ්ඩාර 24/3)

කෑගලු විදුහල් දෙවැනි ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 140
(ලෝචන චරිත් 38, කසුන් බණ්ඩාර 24, මනීෂ මදුභාෂිත 64/6, සමිත් ඉසුරු 79/3)


-036

 


අදහස් (0)

කරණ්දෙනිය මැදි විදුහලට ලකුණු 170 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.