Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එෆ්.ඒ. කුසලාන තරගාවලියට පාපන්දු කණ්ඩායම් 926 ක්

එෆ්.ඒ. කුසලාන තරගාවලියට පාපන්දු කණ්ඩායම් 926 ක්

නාමල් පතිරගේ - 2020 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරේ ප්‍රධානතම පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය ලබන ඔක්තෝබර් අගභාගයේදී පමණ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැරැසේ. මේ වනවිට මෙම වසර සඳහා වන තරගාවලියේ කණ්ඩායම් වෙතින් අයැදුම්පත් කැඳවීම අවසන් කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවැසුවේ මෙවර ඒ සඳහා කණ්ඩායම් 926 ක් අයැදුම්පත් යොමු කර තිබූ බවයි.

පසුගිය පෙබරවාරි 7 වැනිදා රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී පැවැති 2019 එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය දඬුවම් පහර 6-5 කට සෝන්ඩර්ස් කණ්ඩායම පරදා ජයගත් පොලිස් ක්‍රීඩා සමාජය වැන්ටේජ් එෆ්.ඒ. කුසලානය දිනා ගත්තේය.

වසරේ ප්‍රධානතම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා කණ්ඩායම් ඉදිරිපත් කිරීම පාපන්දු සම්මේලනය සිය අනුසංගම් වන ‘ලීග’ වෙත අනිවාර්යය කර තබේ. ඒ අනුව මේ වනවිට පාපන්දු සම්මේලනය විසින් ක්‍රියාකාරීත්වය අත්හිටුවා තිබෙන ‘හාලිඇළ’ පාපන්දු ලීගය හැරුණු විට දිවයින පුරා ස්ථාපිත සෙසු පාපන්දු ලීග 63කින් මෙවරත් එෆ්.ඒ. කුසලාන තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් කළ යුතුව තිබේ.

පසුගිය තරගාවලියේ හොඳම කණ්ඩායම් 32 ක් මෙවර තරගාවලියේ 64 දෙනාගේ වටයේ සිට තරග වැදීමට  සුදුසුකම් ලබාගැනීම එෆ්.ඒ. කුසලාන තරගාවලියේ කණ්ඩායම් පෙළගැසීමේ පිළිවෙතයි. ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටයට පසුගිය තරගාවලියේ අවසන් වටයට තේරුණු කණ්ඩායම් 32 ඉදිරිපත් නොවේ.

මෙම තරගාවලියට වසර කිහිපයක් තිස්සේ අනුග්‍රහය දක්වන එබොනී හෝල්ඩින්ග්ස් පෞද්ගලික ආයතනය ‘වැන්ටේජ්’ වෙළෙඳ නාමය යටතේ මෙවරත් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට සූදානමින් සිටියි.  තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්ෂ හත හමාරක්ද අනුශූරයන්ට රුපියල් ලක්ෂ 5 ක්ද වශයෙන් තෑගි මුදල්  ප්‍රදානය කෙරේ.

1871 දී එංගලන්තයේදී  ආරම්භ කළ  එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියට සමගාමීව 1942 දී දියත් කරන ලද ලංකා එෆ්.ඒ. කුසලාන තරගාවලිය සඳහා කාණ්ඩ හෝ ශ්‍රේණිගත කිරීමකින් තොරව දිවයින් ඕනෑම කණ්ඩායමකට ක්‍රීඩා සමාජයකට තරග වැදීමේ අවස්ථාව තිබේ. මෙම තරගාවලියේ මෑත ඉතිහාසය පිරික්සීමේදී වැඩිම වාර ගණනක් කුසලාන දිනා ඇත්තේ පසුගිය වසරේදී සිය ශත සංවත්සරය සැමරූ ගුණසිංහපුර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයයි.
සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 15 වතාවක් මෙම තරගවලිය ජයගෙන ඇති අතර1948 දී එහි ආරම්භක තරගාවලිය ජයගෙන තිබෙන්නේ ද සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයයි.

එම ක්‍රීඩා සමාජයෙන් බිහිවූ මෙරට විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස පිළිගැනෙන (අභාවප්‍රාප්ත) පී.ඩී. සිරිසේන මහතා ක්‍රීඩකයකු ලෙස සිටියදී 1960 වසරේ අවසන් මහ තරගයේදී ලබාගත් ගෝල හය (6) සහ එක් තරගාවලියකදී ගෝල 24ක් රැස් කිරීම අදටත් තරගාවලියේ නොබිඳුණු වාර්තා දෙකකි.

පසුව සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ සභාපති ධුරයට ද පත් සිරිසේන මහතා ජාතික පාපන්දු පුහුණුකරු ලෙසත්, ජාතික පාපන්දු තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කළේය. ඔහුගේ වසර 2017 දී අභාවප්‍රාප්ත විය.

 


අදහස් (0)

එෆ්.ඒ. කුසලාන තරගාවලියට පාපන්දු කණ්ඩායම් 926 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.