බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් විදුහල සහ බණ්ඩාරවෙල මැදි විදුහල අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 16 වැනි ඌව රන් හටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (14 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
දෙවැනි දිනය වූ අද තරග නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝෂප් විදුහල කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි සිතිජ චමිඳු නොදැවී ලකුණු 23 ක් ලබා සිටියේය.
ශාන්ත ජෝෂප් විදුහලේ පළමු ඉනිම ලකුණු 88 කට සීමා කිරීමට බණ්ඩාරවෙල මැදි විදුහල් පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී චතුම් ලක්ප්‍රිය සහ යසිත් හේෂාන් කඩුලු 3 බැගින් දවාගත්හ.
එම ලකුණු 88 ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 195 ක් රැස්කිරීමට බණ්ඩාරවෙල මැදි විදුහල සමත් විය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ බණ්ඩාරවෙල මැදි විදුහලේ රුචිර විජේසුන්දර ලකුණු 91 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 88
(පසන් හිරුදික 24, චතුම් ලක්ප්‍රිය 07/3, යසිත් හේෂාන් 13/3, අවිෂ්ක හංසන 21/2)
බණ්ඩාරවෙල මැදි විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 195
(රුචිර විජේසුන්දර 91, පමුදු සචින්ත 26, යසිත් හේෂාන් 21, දුලාර විජේසුන්දුර 21, උත්පල ලංකාතිලක 41/3, රන්දුන රොෂාන් 45/2, යසිරු රුවන්ත 27/2)
ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 167
(රුචිර දිල්ෂාන් 43, උත්පල ලංකාතිලක 42, සිතිජ චමිඳු නොදැවී 23, රුචිර විජේසුන්දර 40/3, චතුම් ලක්ප්‍රිය 50/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.