Last Update  :  2020-08-08 18:50:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Latest news එළියකන්ද තරණයට අයැදුම්පත් කැඳවයි

එළියකන්ද තරණයට අයැදුම්පත් කැඳවයි

ශානුක අරවින්ද - 2020 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 24 වැනි වරටත් සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පෙබරවාරි මස 23 වැනිදා පෙරවරු 8.00 සිට මාතර බ්‍රවුන්ස් කන්ද අශ්‍රිතව පැවැත්වේ.  මේ වසරේදී (2020) පැවැත්වෙන පළමු මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මෙන්ම ජාතික මෝටර් රථ ශූරතාවලියට අයත් පළමු තරගාවලිය ලෙසද මෙම තරගාවලිය හැදින්විය හැකිය.

තරගාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබේ.  අංක 55, කුමාරතුංග මාවත, මාතර හෝ මාබල් ඩෙකෝ, අංක 175, නාවල පාර, නුගේගොඩ හෝ ඔටෝ සෙන්ටර්, අකුරැස්ස පාර, හිත්තැටිය, මාතර යන ලිපිනවලට අයැදුම්පත් යොමු කිරීමෙන් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව උදාකරගත හැකිය. අයැදුම්පත් භාර ගැනීම පෙබරවාරි මස 15 වැනිදායින් අවසන් වේ.

මාතර පිහිටි එළියකන්ද මාර්ගයේ මීටර් 600 ක දිගකින් යුත් තාර ඇතිරූ ධාවන පථයක පැවැත්වෙන මෙම තරගාවලිය මෝටර් රථ ඉසව් 16 කින් සහ යතුරුපැදි ඉසව් 12 කින් සමන්විත වේ. එම ඉසව් සඳහා මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 200 ක් පමණ සහභාගිවනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර එහිදී අඩුම වේලාවකින් තරගය නිමා කරන මෝටර් රථ ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙසත්, අඩුම වේලාවකින් තරගය නිමා කරන යතුරුපැදි ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් සම්මාන ලැබීමට නියමිතය.

ඉකුත් වසරේදී (2019) පැවැති එළියකන්ද තරණයේදී දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ අශාන් සිල්වා සමත් විය. එහිදී ඔහුට තරග වටයක් නිමා කිරීම සඳහා වැය වූ අවම කාලය තත්පර 32.61 කි.

එම වසරේදී අවම කාලයකින් (තත්පර 34.43 කින්) තරග වටයක් නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගනු ලැබුවේ දුෂාන් මුදලිගේ විසිනි. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගය ජය ගනිමිනි.

කෙසේ වුවත් මේ දක්වා පැවැති එළියකන්ද තරණ තරගාවලි 24 තුළදී ක්‍රීඩකයකු වාර්තා කළ හොඳම කාලයට හිමිකම් කීමට ඩිලාන් සෙනෙවිරත්න සමත්ව සිටියි. 2018 පැවැති තරගාවලියේදී එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් ඉසව්ව තත්පර 32.42 කින් නිමා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවීය.

 



අදහස් (0)

එළියකන්ද තරණයට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.