
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල අතර කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට කරන්දෙණිය මැදි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සමිත් ඉසුරු ලකුණු 92 කට කඩුලු 8 ක්ද, ශවිඳු උමේෂ් ලකුණු 15 කට කඩුලු 5 ක්ද දවාගනිමින් කරන්දෙණිය මැදි විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 24.3 කදී සියලු දෙනා දැවී 86
(ෂෙරෝන් හිනිදුමගේ 27, ශවිඳු උමේෂ් 15/5, සමිත් ඉසුරු 25/3)
කරන්දෙණිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 60.3 කදී සියලු දෙනා දැවී 182
(සමිත් ඉසුරු 43, ජනෙත් කෞෂාන් 28, මනූෂ මදුභාෂිත 27, දිනේෂ් මධුසංක 26, සමිඳු ප්‍රමෝද් 54/4, මිලක්ෂ සේනාරත්න 44/2)
දේවානන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28.1 කදී සියලු දෙනා දැවී 117
(චාමික පෙරේරා 52, කවීෂ කල්පන 24, සමිත් ඉසුරු 67/5, මනූෂ මදුභාෂිත 33/4)
කරන්දෙණිය මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4.5 කදී කඩුලු 3 ක් දැවී 25
(නිලක්ෂ සේනාරත්න 09/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.