Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියානු සංචාරය සිඞ්නි නුවරින් ආරම්භ වෙයි

ඕස්ට්‍රේලියානු සංචාරය සිඞ්නි නුවරින් ආරම්භ වෙයි

editorial - 2020 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලබන මස අවසාන සතියේදී ආරම්භ කිරීමට නියමිත එක්දින සහ ටෙස්ට් තරගාවලියට පෙර කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින්ට නිරෝධායනය වීමට සහ පුහුණුවීම් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට හැකිවී තිබේ. එහෙත් සිඞ්නි මෝනිං හෙරල්ඞ් පුවත්පතට අනුව ක්වීන්ස්ලන්ඞ් රජය සමඟ සාකච්ඡා සඳහා සති 5 ක් බලා සිටියද ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයට ලැබී නැත.

ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දෙසැම්බර් 3 වැනිදා බ්‍රිස්බේන්හිදි පැවැත්වෙන බවට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තාවකාලික කාල සටහනක් සකසා තිබුණි. කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායන නියමයන්ට සහ සංචාරක රෙගුලාසි හේතුවෙන් තරග කාල සටහන නැවත සකස් කිරීමට සිදුවී තිබේ.

ඉන්දියානු ක්‍රීඩකයින්ට දින 14 ක නිරෝධායන කාලයක සිටියදී පුහුණුවීම් කටයුතු කිරීමට නිව් සවුත් වේල්ස් රජයෙන් අවසර ලැබී ඇති බැවින් බොහෝ දුරට අපේක්ෂා කරන ලද සංචාරය නොවැම්බර් 27 සිට ඇරඹෙන එක්දින තරගාවලියෙන් ආරම්භ වේ.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු සහ දෙවැනි එක්දින තරග සිඞ්නි නුවරදී පැවැත්වෙන අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ඔවුන් කැන්බරා බලා පිටත්ව යනු ඇත.

කැන්බරාහිදී පළමු විස්සයි20 තරගයට සහභාගිවන ඔවුන් දෙවැනි සහ තෙවැනි විස්සයි20 තරග සඳහා නැවතත් සිඞ්නි නුවර බලා පිටත්ව යන අතර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 8 වැනිදා අවසන් කිරීමට නියමිතය.


ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 17 සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර ඇඩිලේඞ්හිදී පළමු තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙසින් එය පැවැත්වේ.

සුපුරුදු පරිදි බොක්සිං දින (දෙසැම්බර් 26 වැනිදා) ටෙස්ට් තරගයට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය සත්කාරකත්වය දරන නමුත් කොරෝනා වසංගතය පැතිරී ඇති ප්‍රධාන නගරයක් බැවින් ඇඩිලේඞ් අතිරේක ක්‍රීඩාංගණයක් ලෙස තබා ඇත. ජනවාරි 7 වැනිදා සිට තෙවැනි ටෙස්ට් තරගය සිඞ්නි නුවරදී පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබූ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී ජනවාරි 15 සිට අවසන් ටෙස්ට් තරගය ආරම්භ වනු ඇත.
- 2079
 

අදහස් (0)

ඕස්ට්‍රේලියානු සංචාරය සිඞ්නි නුවරින් ආරම්භ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.