අවසන් මොහොතේත් සටන තියුණුයි
එල්. පී.එල්. තරගාවලියේ මූලික වටයේ තරග අද (11 වැනිදා) අවසන් වීමට නියමිතය. ඉන් ජයගන්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහන් පෙරමුණ ගනු ඇත. මේ වනවිට දඹුල්ල වයිකිංග් පිල ප්‍රසාද ලකුණු 11 ක් ලබාගනිමින් ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ප්‍රසාද ලකුණු 10 ක් ලබාගත් කොළඹ කිංග්ස් පිල දෙවැනි ස්ථානයේ පසුවන්නේය.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම ගාල්ල ග්ලැඩියේටර්ස් පිල සමගින් පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ගන්නා කණ්ඩායම යාපනය ස්ටැලියන්ස් පිල සමගින් දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
පළමු අවසන් පූර්ව තරගය 13 වැනිදාත්, දෙවැනි අවසන් පූර්ව තරගය 14 වැනිදාත් පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය 16 වැනිදා පැවැත්වේ.