Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෝහිත ඇතුළු 4 ක් විශේෂ පුහුණුවක

රෝහිත ඇතුළු 4 ක් විශේෂ පුහුණුවක

editorial - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන වැඩසටහනට හිටපු කීඩකයන් හා පුහුණුකරුවන් වන රෝහිත රාජපක්ෂ, රජීව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්වා යන අය සහභාගී වූහග රග්බිි පුහුණු උපදේශක වයිපර් ගුණරත්න මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලද අතර ශ්‍රී ලංකා රග්බි සංගමය ඊට අනුගහය දැක්වීය.

ශාන්ත තෝමස් විදුහලට නායකත්වය දුන් රෝහිත රාජපක්ෂ  පසු කලෙක  නාවික හමුදාව සහ සී එච් ඇන්ඞ් එෆ් සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේයග මේ වන විට ඔහු තර්ස්ටන් විදුහලේ අවුරුදු 19 න් පහළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශාන්ත පීතර විදුහලේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම දැනට ශාන්ත පීතර විදුහලේ ප්‍රධාන රග්බි පුහුණුකරුවාද වන රජීව් පෙරේරා ද මෙම අධ්‍යාපන වැඩසටහනට සහභාගි වියග ඉසිපතන විදුහලේ හිටපු ෆ්ලෑන්කර් ක්‍රීඩකයා වූ ශම්ලි නවාස්ද ඔහු සමග සිටියේයග ෂම්ලි මේ වන විට ගල්කිස්ස ශාන්ත තෝමස් රග්බි පිළේ පුහුණකරුවා වශයෙන් කටයුතු කරයි.

හිටපු ද්විත්ව ජාත්‍යන්තර (රග්බි පාපන්දු හා පැසිපන්දු ) ක්‍රීඩකයෙක වන දුමින්ද ද සිල්වා ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කි්‍රීඩා කළ අතර ඔහු පසුව සී එච් කණ්ඩායම වෙනුවෙන් සහ හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් කි්‍රීඩා කළේයග ඔහු ආනන්ද විදුහලේ රග්බි කණ්ඩායමේ පුහුණුකරු සහ හොංකොං හි සංචාරය කළ ශ්‍රී ලාංකික සත් සාමාජික කණ්ඩායමේ 19 න් පහළ කණ්ඩායමේ කළමණාකරු ද විය.
 
දැනට ආසියාවේ සිටින්නේ රග්බි උපදේශකවරුන් 165 දෙනකු පමණි.

රෝහිත රාජපක්ෂ, රජීව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම උපදේශකවරයා වන වයිපර් ගුණරත්න මහතා යටතේ වසරක කාලයක් කටයුතු කරනු ඇත.

....


අදහස් (0)

රෝහිත ඇතුළු 4 ක් විශේෂ පුහුණුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.