Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියාව ලකුණු 296 කින් නවසීලන්තය පරදවයි

ඕස්ට්‍රේලියාව ලකුණු 296 කින් නවසීලන්තය පරදවයි

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව පර්ත්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 296 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව අද (15 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 468 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ මිචෙල් ස්ටාක් ලකුණු 45 කට කඩුලු 4 ක්ද, නේදන් ලයන් ලකුණු 63 කට කඩුලු 4 ක්ද දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. ඔවුන්ට අනගි සහායක් දුන් පැට් කමින්ස් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 31 ක් පමණක් ලබාදෙමිනි.

නවසීලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බී.ජේ. වොට්ලින් හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් ලබාගත් අතර කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 33 කි. කෙසේ වුවත් ඔවුන්ට නවසීලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

තෙවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 167 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 50 ක් පමණි. එහිදී මිචෙල් ස්ටාක් හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක් ලබාගැනීමට සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටිම් සවුති ලකුණු 69 කට කඩුලු 5 ක් දවාගත් අතර ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පීඩනයට පත් කිරීමට සඳහා ඔහුට සහායදුන් නීල් වැග්නර් ලකුණු 59 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

 
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 416
(ඩේවිඩ් වෝනර් 43, මානස් ලැබුස්චේන් 143, ස්ටීවන් ස්මිත් 43, ට්‍රැවිස් හෙඞ් 56, ටිම් පේන් 39, පැට් කමින්ස් 20, මිචෙල් ස්ටාර්ක් 30, නීල් වැග්නර් 92/4, ටිම් සවුති 93/4)

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 166
(කේන් විලියම්සන් 34, රොස් ටේලර් 80, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 23, මිචෙල් ස්ටාර්ක් 52/5, නේදන් ලයන් 48/2)

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 217  
(ඩේවිඩ් වෝනර් 19, ජෝ බර්න්ස් 53, මානස් ලැබුස්චේන් 50, ස්ටීවන් ස්මිත් 16, මැතිව් වේඞ් 17, මිචෙල් ස්ටාක් 23, ටිම් සවුති 69/5, නීල් වැග්නර් 59/3)

නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 171
(ටොම් ලේතම් 18, කේන් විලියම්සන් 14, රොස් ටේලර් 22, හෙන්රි නිකෝල්ස් 21, බී.ජේ. වොට්ලින් 40, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 33, මිචෙල් ස්ටාක් 45/4, නේදන් ලයන් 63/4, පැට් කමින්ස් 31/2)

-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ලකුණු 296 කින් නවසීලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.